අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා ව්‍යවසායකයන් 25,000ක් සවිබල ගන්වමින් ග්‍රාමීය වෙළෙඳ ජාලයක්

    දෙසැම්බර් 28, 2020

    කාන්තා ව්‍යවසායකයන් 25,000ක් සවිබල ගන්වමින් පාරිභෝගිකයන් සූරා කන වෙළෙඳ ජාලය වෙනුවට රජයේ තීන්දු ඒ අයුරින් ම ක්‍රියාත්මක කරන ග්‍රාමීය වෙළෙඳ ජාලයක් පාරිභෝගකයන් පිළිබඳ නොසිතන වෙළෙඳුන් සහ ගොවියන් ගැන නොසිතන ගැනුම්කරුවන් වෙනුවට, රජයේ තීන්දු තීරණ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ග්‍රාමීය වෙළෙඳ ජාලයක් ඇති කිරීම
    ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    කාන්තා ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් මෙම ජාලය ඔස්සේ කොවිඩ් වැනි වසංගත තතත්ත්වයක් හමුවේ වුව ද ශක්තිමත්
    බෙදා හැරීම් ජාලයක් නිර්මාණ වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.
    සේමසිංහ මහතා මේ බව කියා සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් වෙනුවෙන් සහන ණය යෝජනා හඳුන්වා දීමේ උත්සවයට එක් වෙමිනි. ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ
    දායකත්වයෙන් පැවැති මෙම උත්සවය පසුගිය දා අනුරාධපුරයේ දී පැවැත්විණි. මෙහි දී ව්‍යවසායකයන් 250 දෙනෙකු වෙනුවෙන් රුපියල් 50,000 සිට 200,000ක දක්වා වූ සහ ණය මුදල්
    සංඛේතාත්මකව පිරි නැමීම සිදු කෙරිණි.
    උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ අමාත්‍යවරයා -
    “2021 අයවැය යෝජනාවලිය යටතේ රජයේ වැඩපිළිවෙළක් තියෙනවා කාන්තා ව්‍යවසායකයන් 25,000ක් නිර්මාණය කරන්න. ඊට අවශ්‍ය පදනම සහ මුදල් වෙන් කිරීම මෙවර අයවැයෙන්
    සකස් කරල දීල තියෙනවා. 14,000කට අධික ග්‍රාම සේවා වසම්වලින් එක් අයෙක් හෝ දෙදෙනෙක් කාන්තා ව්‍යවසායකයන් විදියට සවිබල ගැන්වීම තමයි ඒ වැඩපිළිවෙළේ අපේක්ෂාව. රටේ
    ලෝකයේ කොවිඩ් වැනි අවදනම් තත්ත්වයක් නිර්මාණය වුණ අවස්ථාවල හිගයකින් තොරව භාණ්ඩ ලබා ගැනීමේ සහ බෙදා හැරීමේ ජාලයක් ඇති කිරීම තමයි මෙහි අපේක්ෂාව.
    අපි දන්නව පාරිභෝගිකයන් පිළිබඳ නොසිතන විවිධ කූඨ වෙළෙන්දො ඉන්නව. අනිත් පැත්තෙන් ගොවි ජනතාව සහ සැපයුම්කරුවන් පිළිබඳ නොසලකන කණ්ඩායමක් ඉන්නවා. අපට අවශ්‍ය වන්නේ රජය විසින් ගන්නා තීන්දු තීරණවල දී ඒව පාරිභෝගියන් අපහසුතාවට පත් නොකර ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කරන වෙළෙඳ ජාලයක් ඇති කිරීමයි. මේක රජයේ ‍වෙළෙඳ ජාලයක් බවට පත් කිරීමට අපට අවශ්‍යතාවක් නෑ. අපි ඒ කණ්ඩායමට අවශ්‍ය මූල්‍ය ශක්තිය දෙනවා, උපදෙස් දෙනවා, සැපයුම්කරුවන්ට අවශ්‍ය දැනුම් දීම් සිදු කරනවා. එහෙම කරල ඒ වෙළෙඳ ජාලය ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. ඒ සැපයුම් මධ්‍යස්ථාන, ව්‍යාපාරය කාන්තාවන්ගේ. රටේ ආර්ථිකයට 70%ක දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වන ඔබ වෙනුවෙන් ඉදිරියේ රජය තව තවත් පුළුල්ව මැදිහත් වීම ආරම්භ කරනවා. විශේෂයෙන් ම ප්‍රධාන සංවර්ධන බැංකුවක අවශ්‍යතාව ඉටු කිරීමට ද රජය පියවර ගන්නාබව සඳහන් කළ යුතුයි.” යැයි ද අ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
    රට තුළ පවතින්නේ කොවිඩ් වසංගතය මත නිර්මාණය වූ ආර්ථික අර්බුදයක් නොව පැවැති යහපාලන ආණ්ඩුව විසින් ගනු ලැබී අදූර්දර්ශී ආර්ථික තීන්දු හේතුවෙන් ගොඩනැගුණ තත්ත්වයක් බව දේශපාලන භේදයකින් තොරව පිළිගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එදා කටයුතු කළ පාර්ශ්ව පවා තමන් ගත් තීන්දු වැරැදි බව අද වන විට පිළිගෙන ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ 2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජය ගත්තේ නම් කොවිඩ් වසංගයට මීට වඩා සාර්ථික පිළිතුරක් ලබා දීමට හැකියාව තිබූ බවයි.


    ශ්‍රීලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු අරුණ විජේසිරි , ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යධිකාරි සුජිත් ප්‍රනාන්දු, ප්‍රධාන කළමනාකරු මොහාන් ගුරුසිංහ, අනුරාධපුර දිස්ත්‍රික්
    කළමනාකරු අසේල නුවන් සංජීව, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කළමනාකරු ඩී.සී. ගලගොඩ ඇතුළු මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya