අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාධක සහ අභියෝග මැද ජාතික ප්‍රතිපත්ති රැසකට අඩිතාලම දැමීමට ජනාධිපතිතුමා සමත් වී තිබෙනවා

    දෙසැම්බර් 27, 2020

     බාධක සහ අභියෝග මැද ජාතික ප්‍රතිපත්ති රැසකට අඩිතාලම දැමීමට ජනාධිපතිතුමා සමත් වී තිබෙනවා. බෞද්ධ උපදේශක සභාවෙන් සහතිකයක් ...

    බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුළ ජාතික ප්‍රතිපත්ති සමූහයකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමත්ව ඇතැයි බෞද්ධ උපදේශක සභාව ප්‍රකාශ කරයි.

    රටේ අතිවිශාල ජනතාවගේ බලපාරොත්තුව වූයේ ජාතික චින්තනයක් මත පදනම්ව තීන්දු තීරණ ගන්නා නායකත්වයකි. රැකියා, තාන්න, මාන්න, වරප්‍රසාද වැනි පටු අභිමතාර්ථ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා නොකළහ. එවැන්නන්ගේ සහය ජනාධිපතිවරණයට පෙර සිටම රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු නොවූ බව මහා සංඝරත්නය සිහිපත් කළහ.

    2015 වසරෙන් පසු බිඳ වැටුණු ජාතික ආරක්ෂාව මත්ද්‍රව්‍යයන්ගෙන් සහ පාතාල ක්‍රියාකාරකම්වලින් තොර විනයගරුක සමාජයක්, නාස්තිය, දූෂණය පිටුදැකීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, රටේ අනන්‍යතාව රැකගත් විදේශ ප්‍රතිපත්තියක් ජනතාවගේ අපේක්ෂාව වූ බව උන්වහන්සේ අවධාරණය කරති.

    (24) පස්වරුවේ 07 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ බෞද්ධ උපදේශක සභාව මේ බව සඳහන් කළහ.

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ජාතික උරුමයන් සුරැකෙන වැඩපිළිවෙළක් සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු රටේ ගමන් මග වෙනස් කරන ක්‍රියාපිළිවෙතකට කොවිඩ් වසංගතය ඇතුළු බාධක රැසක් මැද අඩිතාලම දැමීමට හැකි වීම පිළිබඳව මහා සංඝරත්නය ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළ කළහ.

    සංඝරත්නය අපේක්ෂා කළ බෞද්ධ අනන්‍යතාවට මුල් තැන දෙමින් සෙසු ආගමික සහජීවනයට සමාජ පරිසරය සැකසීම ගත වූ කාලය තුළ ජනතාව ලැබූ තවත් ජයග්‍රහණයකි. මෙය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සියලු ආගමික නායකයන්ගේ සැදුම්ලත් කමිටුවක අවශ්‍යතාවය ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

    බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya