මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දිගු කරනවා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

    දෙසැම්බර් 20, 2020

    මධ්‍යම අධිවේගී මාර්ගය අනිවාර්යෙන් දඹුල්ල දක්වා දිගු කර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 19 දින පැවැසීය.

     

    රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට සමඟාමීව රන්බිම ඔප්පු දස ලක්ෂයක් දිවයින පුරා ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ වයඹ පළාත් ඔප්පු ප්‍රදානය කුරුණෑගල රන්සර උත්සව ශාලාවේදී පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන මෙම ඔප්පු ප්‍රදානය යටතේ හිමිකම් නොමැති ඉඩම් සඳහා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නීත්‍යනුකූල ඔප්පු 400 ක් බෙදාදුන්නේය.

    ආණ්ඩුව නරක වැඩ කළොත් විවේචනයට ලක්විය යුතුයි. නමුත් හොඳ වැඩක් කළාම ඒක අගය කරන්න විරුද්ධවාදීන්ට පුලුවන්කමක් නොමැතිවීම කණගාටුවට කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

    අපේ ආණ්ඩු ආවම වැඩ කරනවා. වැඩකරගෙන යනකොට ජනතාව ඊ ළඟට අනිත් ආණ්ඩුවකට, යූ ඇන් පී ආණ්ඩුවකට බලය දෙනවා. බලය දුන්නයින් පස්සේ ඔවුන් අපි කරපු වැඩ සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒවා වෙනත් විදිහට කරන්න උත්සහ කරනවා. ඒක තුළදී ඇති වෙන්නේ අපිට නැවත බලය ඇවිල්ලා. හැබැයි අපි කරගෙන ආපු වැඩ කොටස එහෙමම තියලා තමයි ඒ කට්ටිය යන්නේ. අපිට ඒක මුල ඉදලා කරගෙන යන්න වෙනවා. නැත්නම් දඹුල්ලට අධිවේගී මාර්ගය හැදෙන්නේ හුගක් ඉස්සර යැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ වයඹ පළාත් ඔප්පු ප්‍රදානයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    අද මෙම ඔප්පු ලබාදීමේ උත්සවයට සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. විශේෂයෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවට එය ලබා දෙන්න පුළුවන්වීම ගැන මම ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා. ඇමතිතුමාට වගේම සභාපතිතුමා ඇතුළු නිලධාරීන්ට මා ඒ සඳහා ස්තූතිය පුද කරන්න ඹ්නි. මට මතකයි මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආරම්භ කරපු කාලේ, එදා අපේ ආණ්ඩුවේ, 70 ගණන් වල අපේ ආණ්ඩුව තුළ මේ ප්‍රතිසංස්කරණ ඉඩම් ලබා ගැනීමේදී ඒ පනතට ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද පාර්ලිමේන්තුවේ ඉන්නෙ මමත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමත් පමණයි.

    එහෙම ආරම්භ කරපු මේ වැඩපිළිවළෙන් රජයට පවරා ගත්තා ඉඩම් ටික. ඒක බෙදාදීමේ කටයුත්ත ඉටු කරන්න එදා ඉදලම අපේ බලාපොරොත්තුව තිබුණෙ. අද ඒ කොමිෂන් සභාව තමන්ට පවරා ගත්ත ඉඩම්, ඉඩම් නැති ජනතාවට ලබාදීමේ කටයුත්ත කරගෙන යෑම ගැන අපි සතුටු වෙනවා. ඒ ඉඩම්වල පදිංචි උදවියට තමයි ඔප්පු ලබා දෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉඩම් නැති ජනතාවත් තෝරාගෙන මේ ඉඩම් ලබාදීමේ කටයුත්ත ඉටු කරන්න පියවර ගන්න. බොහෝ ඉඩම්වලට ඔප්පු නෑ. ඒවට රජයෙන් ඔප්පු ලබා ගන්න නොලැබීම නිසා ඔවුන්ට ණයක් ගන්න ගියාම තමයි මේ ගැටලුවලට මුහුණ පාන්න වෙන්නේ. චන්ද්‍රසේන ඇමතිතුමාගේ වැඩ සමඟ යළි ගමට වැඩසටහන ගැන අපි සතුටු වෙනවා. ඇමතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඹ්නි ඒ වැඩපිළිවෙළ තුළින් ඉඩම් ඔප්පු ලබාදීමේදී මේ කටයුත්ත කරන්න මැදිහත්වීම සම්බන්ධයෙන්.
    මා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ජනතාව අද රටේ තියෙන තත්ත්වය අනුව ජනතාවට මේ ඉඩම් ලබාදීලා ස්ථීර වැඩපිළිවෙළකට යන්න කටයුතු කරන්න අපේ කොමිෂන් සභාවට හැකිවේවි කියලා. මෙය මුලු දිවයිනටම බලපාන විදිහට මුලු රටේම මේ ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා මුලු රටේම මේ කටයුත්ත ඉටු කිරීම වැදගත්. ඒ නිසා කොමිෂන් සභාවේ සභාපතිතුමා පිළිබඳව අපි විශ්වාසය තියලා තියෙනවා මේ කටයුතු ඉටු කරන්න හැකියාව ලැබෙයි කියලා.

    අද කුරුණෑගලට ඇවිල්ල නුවරට යන අධිවේගී මාර්ගය ආරම්භ කරන්න පියවර තැබුවා. ඒ අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දික් කිරීමට එස්.එම්.චන්ද්‍රසේන ඇමතිතුමා ඉල්ලීමක් කරනවා, අපේ ජොන්ස්ටන් ඇමතිතුමා එවිට කිව්වා ඒක ලැබෙනවා කියලා. අපි ඒ්ක අනිවාර්යෙන්ම ඉටු කරලා දෙනවා කියලා ඔබ තමුන්නාන්සේලාට මතක් කරලා දෙන්න ඹ්නි.

    විශේෂයෙන් මේ ආණ්ඩුව ආපුවාම අපේ ආණ්ඩු වැඩ කරනවා. වැඩකරගෙන යනකොට ජනතාව ඊ ළඟට අනිත් ආණ්ඩුවකට, යූ ඇන් පී ආණ්ඩුවකට බලය දෙනවා. බලය දුන්නයින් පස්සේ ඔවුන් අපි කරපු වැඩ සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒවා වෙනත් විදිහට කරන්න උත්සහ කරනවා. ඒක තුළදී ඇති වෙන්නේ අපිට නැවත බලය ඇවිල්ල අපි කරගෙන ආපු වැඩ කොටස එහෙමම තියලා තමයි ඒ කට්ටිය යන්නේ. අපිට ඒක මුල ඉදලා කරගෙන යන්න වෙනවා. නැත්නම් දඹුල්ලට අධිවේගී මාර්ගය හැදෙන්නේ හුගක් ඉස්සර. ඒ තත්ත්වය තමයි ඇති වෙන්න තිබුණේ. අපි තමුන්නාන්සේලා මතක තියා ගන්න ඹ්නි අපි කරන හැම ක්‍රියාවලියකටම විරුද්ධවාදීන් විවේචනය කරනවා. අපි හොඳ වැඩක් කරත් විවේචනය කරනවා. අපි නරක වැඩක් කළත් විවේචනය කරනවා. ඒක හොඳයි. නරක වැඩ කළොත් විවේචනයට ලක්විය යුතුයි. නමුත් හොඳ වැඩක් කළාම ඒක අගය කරන්න ඔවුන්ට පුලුවන්කමක් නැහැ. ඒකයි කණගාටුව.

    ඒ නිසා අද ඒ තත්ත්වය වෙනස් වෙන්න ඹ්නි. අපිට කරන්න පුලුවන් සියලු කටයුතු අපි ආණ්ඩුවක් ලෙස ඉටු කරන්න කටයුතු කරනවා. ජනාධිපතිතුමා හැම ප්‍රශ්නයක් ගැනම සොයා බලලා ගමට ගිහින් ගමේ ප්‍රශ්න හඳුනාගෙන කටයුතු කරන්න පියවර අරන් තියෙනවා. ඒ නිසා අපිටත් පහසුයි. ජනතාවටත් පහසුයි. නිලධාරීන්ටත් පහසු වෙනවා ඒ වැඩකටයුතු ඉක්මන් කරලා ඉටු කරන්න. මම විශේෂයෙන්ම අද ඉඩම් ලබාදීම පිළිබඳව අමාත්‍යතුමා, සභාපතිතුමා ඇතුලු සියලු දෙනාට ස්තූතිය පුද කරමින් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් පතනවා.

    යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    මෙහිදී කුරුණෑගල රොහලේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාගේ විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 54ක් වටිනා පීසීආර් (PCR) යන්ත්‍රයක් කුරුණෑගල රෝහල වෙත පරිත්‍යාග කිරීම ද අග්‍රාමාත්‍යතුමා අතින් සිදු විය.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, ලොහාන් රත්වත්තේ, ඩී.බී. හේරත්, ප්‍රියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසංග නවරත්න, මංජුලා දිසානායක, සුමිත් උඩුකුඹුර, චරිත හේරත්, ගුණපාල රත්නසේකර, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර, ඉඩම් අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.ඒ.කේ රණවක, ඉඩම් කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිලන්ත විජේසිංහ ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya