අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මව්බිමේ ඉපදුනු සෑම අයකුටම බිම් අඟලක අයිතිය දීම වත්මන් රජයේ අරමුණයි.

    දෙසැම්බර් 20, 2020

    • අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී රටේ සංවර්ධනය සම්බන්ධයෙන් මෙන්ම රැකියා අවස්ථා උත්පාදනය කරන ව්‍යාපෘති වෙනුවෙන් ද වැඩි අවධානයක් යොමු කරනවා
    • ඉදිරි මාස 12 ක කාලය ඇතුළත ලංකාවේ සියලු නිවෙස් වලට සන්නිවේදන පහසුකම් සපයනවා

    - ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ 

    අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී රටේ සංවර්ධනය සම්බන්ධයෙන් මෙන්ම රැකියා අවස්ථා උත්පාදනය කරන ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
    ඒ මහතා මේ බව සඳහන් කළේ (19) රත්නපුර සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති "ගම සමග පිළිසදරක් තුළින් වැඩ සමඟ යළි ගමට" ජාතික වැඩසටහනේ සබරගමුව පළාත් සාකච්ඡාවට එක් වෙමිනි.
    ඉදිරි වසරේදී ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම නගාසිටුවීමේ දැවැන්ත පෙරළිය සඳහා මෙම ජාතික වැඩසටහන සමඟ උපරිම කැපවීමෙන් එක් වන්නැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සබරගමුව පළාත් දේශපාලන නායකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය
    මුළු ලෝකය ලෝකයම කොවිඩ් වසංගතයට මුහුණ දී තිබෙන මේ අවස්ථාවේ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වගකිවයුතු පුරවැසියන් ලෙස අපගේ යුතුකමක්. ඊයේ ජනාධිපතිතුමා මේ දිස්ත්‍රික්කයට පැමිණියා. අපේ මව්බිම අපේම අදහස්වලින් ගොඩනැගීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන අපි ආරම්භ කළේ මීට වසර කිහිපයකට පෙර. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත් මග හරහා මෙම වැඩපිළිවෙළට වියතුන්ගේ අදහස් එක් කරගැනීමටත් පියවර ගත්තා. අපි ගම සමග පිළිසදරක් වැඩපිළිවෙල යටතේ සෑම ගමකටම ගිහින් අදහස් හා යෝජනා ලබා ගත්තා. එම අදහස් හා යෝජනා විශේෂඥ කමිටුවකට යොමු කර සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ සකස් කළා. පහුගිය ජනාධිපතිවරණයේදී රටේ බහුතරය ජනතාවක් එය අනුමත කළා.
    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ගම සමග පිළිසඳර යටතේ ගමින් ගමට ගියා. ඒ අනුව ඊයේ රාවණා කන්දට ආවා. ජනතා අවශ්‍යතා කඩිනමින් ඉටුකිරීමට රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. ඒ වගේම අයවැය ඉදිරිපත් කිරීමට පෙර ඇමතිවරුන් සහ අමාත්‍යාංශ නිලධාරින් සමඟ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වූවා. එලෙස ජනතාවගේ අදහස් ලබා ගනිමින් මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙනවා.
    රටේ ආර්ථිකය ගැන අපි හොඳින්ම දන්නවා. කොරෝනා වෛරසය නිසාත් රටේ ආර්ථිකයට විශාල පහරක් එල්ල වුණා. විදේශ විනිමය ලැබෙන මාර්ග ඇහිරුණා. විදෙස් ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන විනිමය නොවැම්බර් මාසයේ සිට වැඩිවීමක් පෙන්නුම් කරමින් තිබෙනවා. ණය ලබා ගැනීමත් අපි සීමා කර තිබෙනවා. මෙවැනි තත්වයක් යටතේත් අපිට නව කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමේ හැකියාව ලැබුණා.
    විපක්ෂය බලාපොරොත්තු වුණේ ණය ගෙවා ගන්න නොහැකිව රට බංකොලොත් වෙයි කියලයි. රජයේ විවිධ සීමාවන් පනවා විවිධ මූල්‍ය පාලන ක්‍රම ඔස්සේ, ණය ගෙවන රටක් විදිහට රට පවත්වාගෙන යන්න පියවර ගත්තා.
    වාහන ගෙන්වන්න දෙන්නේ නැතැයි කියා චෝදනාවක් එල්ල දැන් එල්ල වෙනවා. මේ සඳහා අවසර දුන්නොත් වාර්ෂිකව බිලියන 2 ක පමණ වියදමක් දරන්න වෙනවා.රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට දී නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදන ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ තීන්දු ගන්නේ එක් පාර්ශවයකට හෝ කණ්ඩායමකට අසාධාරණයක් කරන්න නෙවෙයි. රටේ ඉදිරි ගමන වෙනුවෙන් ගත් තීරණ මිස පුද්ගලිකව ගත් තීන්දු නෙවෙයි.
    මාර්ග ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් ඉදිරිපත් වුණත් ජනාධිපතිතුමා ඇතැම් කොන්ත්‍රාත් අත්හිටුවීමට තීරණය කළා. සමහර ඉදිකිරීම් සමාගම් තමයි මේ කොන්ත්‍රාත් අරන් තියෙන්නේ. කෙසේ හෝ මේ ව්‍යාපෘති අවසන් කිරීම සඳහා මහා මාර්ග අමාත්‍යංශය අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.
    කිතුල් කර්මාන්තයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් පර්යේෂණ කර අපනයනය කිරීමේ සහතික ලබා දීමට අපේක්ෂා කරනවා.යම් යම් පනත්වල වගන්ති සංශෝධනය කරමින් ස්ථිර බොග වගා කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව කුඹුරු කල නොහැකි වගා බිම් සඳහා ස්ථීර බෝග වගා කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ ඒ ප්‍රදේශයට සුදුසු බෝග නම් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන්නේ.
    අයවැය තුළ ඉලක්ක ඉලක්කගත යෝජනා සඳහා අමාත්‍යාංශ වලට මුදල් වෙන් කර තිබුණත් ජනතාව තීන්දු අරගෙන ප්‍රාදේශීය මට්ටමින් ඒවා ශ්‍රේණිගත කළ යුතුයි. ඒ සඳහා ගමේ යෝජනා ලබා ගැනීමේ වැඩපිළිවෙළක් අපි යෝජනා කර තිබෙනවා. එහිදී ග්‍රාමීය ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍යයි. සෑම වසමකම ප්‍රමිතියෙන් යුතු පෙර පාසලක්,මාතෘ සායනයක් බිහි කරනවා.ජාතික මට්ටමින් පාසල් වල විෂය ධාරා ප්‍රතිසංස්කරණය කළ යුතුයි ඊට අමතරව පාසල් වලට භෞතික සම්පත් ලබා දිය යුතුයි. දරුවන්ට අවශ්‍ය ජලය සනීපාරක්ෂක පහසුකම් ඇති කිරීමත් වගකීමක්. ඩිජිටල් ශ්‍රීලංකාවක් බවට රට පත් කරන්න ජනාධිපතිතුමා පියවර ගෙන තිබෙනවා.
    ක්‍රීඩාව නැංවීම සඳහා, වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා , පරිසරය ආරක්ෂා කිරීමට, අයවැයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීමටත් ඔබ මැදිහත් විය යුතුයි. මේ යෝජනා ජනාධිපති කාර්ය කාර්ය සාධන බලකායට,අදාල හඳුනාගත් අමාත්‍යාංශයට, හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යොමු කරන්න. යෝජනා සැකසීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කළ යුතුයි. ජාතික මට්ටමේ වැඩසටහන් ඒ ඒ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනවා.
    මේ දිස්ත්‍රික්කය ඉදිරියේ දී කොහෙද වසංගතයෙන් තොර දිස්ත්‍රික්කයක් බවට පත් කරන්න හැකි වෙයි කියා අපි විශ්වාස කරනවා.මව්බිමේ ඉපදුනහොත් සෑම කෙනෙකුටම මරණයට පෙර පෙර බිම් අගලක අඟලක අයිතිය දීම අපේ රජයේ උත්සාහයක්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විවිධ ආකාරයෙන් ඉඩම් පවරා ගත්තත් යළි ඒ ඉඩම් ජනතාවට දුන්නේ තාවකාලික බලපත්‍ර මතයි.ඔවුන්ට ස්ථිර ඔප්පුවක් සහිත හිමිකමක් දෙන්න රජය පියවර ගෙන තිබෙනවා. ඉඩමක අයිතිය ලබා දෙන්න ගෙන යන වැඩපිළිවෙළේදී නොයෙකුත් බාධා ඇති වෙනවා. ඒ ඒ බාධා විසඳා ගනිමින් ජනතාවට ඉඩම් වල අයිතිය ලබාදීමට රජය සූදානම්.
    කැළි කසල ප්‍රශ්නයට විසඳුමක් ලෙස කැලි කසල මගින් විදුලිය නිපදවීම අරඹා තිබෙනවා. මේ සඳහා සහතික මිලක් ලබා දී තිබෙනවා. මෙවර අයවැයෙන් ග්‍රාමීය ධාන්‍යාගාර කරන්න සැලසුම් කරනවා. එවැනි ජනතාවාදී අයවැයක් තමයි මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ. මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම හරහා රටේ ඉදිරි ගමන තීරණය වෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාගේ දායකත්වය බලාපොරොත්තු වෙනවා.
    ෙමෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ , අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ,වාසුදේව නානායක්කාර ,රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, කනක හේරත්, තාරක බාලසූරිය, ඇත්තෝ දේශපාලන නියෝජිතයින් සහ රත්නපුර කෑගල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya