මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “බුරවි” සුළි කුණාටුවෙන් උතුරු සහ නැගෙනහිර පවුල් 3575 කට ආපදා බලපෑම්

    දෙසැම්බර් 03, 2020

    “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පවුල් 3,575 කට අයත් පුද්ගලයන් 12,252 ක් ආපදා තත්ත්වයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි.


    ඒ අනුව, උතුරු පළාතේ මන්නාරම, යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි පවුල් 3,554 ක පුද්ගලයන් 12,252 ක් ද, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පවුල් 21 ක පුද්ගලයින් 91 ක් ද මෙලෙස බලපෑමට ලක්ව තිබේ.

    “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පුද්ගලියින් 04 දෙනෙකු තුවාල ලබා ඇති අතර චුන්නාකම් ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇත. මන්නාරම දිස්ත්‍රික්කයේ නිවාස 06 ක්, යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 152 ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ නිවාස 09 ක් මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාස 01 ක් හා වව්නියාව දිස්ත්‍රික්කයේ නිවාස 05 ක් වශයෙන් උතුරු පළාත තුළ නිවාස 173 කට අර්ධ හානි සිදුවී ඇති අතර, යාපනය දිස්ත්‍රික්ක‍යේ නිවාස 15 කට පූර්ණ හානි සිදුවී තිබේ. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පිහිටි නිවාස 19 කට ද අර්ධ හානි සිදුවී ඇති අතර “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්හි අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 192 ක් වේ.

    මීට අමතරව උතුරු පලාත තුළ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ස්ථාන 09 ක් ද හානියට පත්ව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya