අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ප්‍රධාන මාර්ග 9ක් ඇතුළු විකල්ප මාර්ග පද්ධතිය රුපියල් මිලියන 23,380ක වියදමින් සංවර්ධනය කෙරේ

    දෙසැම්බර් 03, 2020

    කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පවතින අධික මාර්ග තදබදයට විසදුම් ලෙස කොළඹ නගරයට ප්‍රවිශ්ඨ වන මාර්ග තදබදය අධික හදුනාගත් මහාමාර්ග 9ක් හා ඒ හා සම්බන්ධ විකල්ප මාර්ග පද්ධතිය රුපියල් මිලියන 23,380ක වියදමින් සංවර්ධනය කිරිමේ වැඩ කටයුතු ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ අනුව පාර්ලිමේන්තුව අවට මාර්ග පද්ධතියත්, කොළඹ හොරණ මාර්ගය හා බැදුණු විකල්ප මාර්ග පද්ධතියත් කඩුවෙල - මාළඹේ - කොළඹ මාර්ගය හා බැදුණු විකල්ප මාර්ග පද්ධතියත් සංවර්ධනය කෙරේ.

    එමෙන්ම කිරිබත්ගොඩ - බත්තරමුල්ල දක්වා මාර්ග පද්ධතිය, කොළඹ - අඹතලේ මාර්ගය පද්ධතිය, බේස්ලයින් මාර්ගය හා බැදුණු මාර්ග හා මංසන්දි වැඩිදියුණු කිරිමද මේ යටතේ සිදු කරනු ලබයි.

    උතුරු කොළඹ මාර්ග පද්ධතිය, වැල්ලවත්ත - දෙහිවල වෙරළබඩ මාර්ගය හා බැදුණු මාර්ග ඡාලය , හයිලෙවල් මාර්ගය හා සම්බන්ධ මාර්ග පද්ධතියත් මෙම ව්‍යාපෘතිය යටතේ කඩිනමින් සංවර්ධනය කරනු ලබයි.

    මෙම සියලුම මාර්ග පද්ධති වලට අදාල මාර්ග සංඥා පුවරු, ආලෝක සංඥා පද්ධතීන්, වටරවුම් යනාදියද මීට සමගාමීව සංවර්ධනය කිරිමට යෝජිතය.

    කොළඹ නගරයට ප්‍රවේශ වීමේදී සිදුවන මාර්ග තදබදය නිසා රාජකාරී කටයුතු සදහා ගමන් කරන නිලධාරින් හා සේවකයන්ගේ මිනිස් ශ්‍රමය අපතේ යාමක් සිදු වේ. වාහන එකම ස්ථානයේ වැඩි වේලාවක් නවතාගෙන සිටීමට සිදු වීම නිසා ඉන්ධන නිරපරාදේ දහනය වීමෙන් අතිවිශාල මුදල් අලාභයක් සිදුවන බව වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya