අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසරකට රුපියල් කෝටි 96 සැෂේ පැකට්වල අඩංගු ෂැම්පු, හෙයාර් ජෙල් හා හෙයාර් ඩයි භාවිතා කරන බව හෙළි වෙයි

    දෙසැම්බර් 03, 2020

    මෙරට වසරකට රුපියල් මිලියන 960ක සැෂේ පැකට්වල වල අඩංගු ෂැම්පු, හෙයාර් ඩයි හා හෙයාර් ජෙල් භාවිතා කරන බව ඊයේ පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී හෙළිදරව් විය

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අනුව ලබන වසර මුල සිට සැෂේ පැකට්වල අඩංගු ආහාර හා ඖෂධ නොවන සියලු නිෂ්පාදන තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.


    ඒ අනුව එම තහනම ක්‍රියාත්මක කිරීමට පෙර දැනට මෙරට එම ව්‍යාපාර කටයුතුවල නිරත පුද්ගලයින්ගෙන් ඔවුන් මුහුණපාන ගැටළු සම්බන්ධවත්, ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා දැනට භාවිතා කරන පරිසරයට අතිශය අහිතකර සැෂේ පැකට් වෙනුවට විකල්ප නිෂ්පාදන හා ක්‍රියාමාර්ග සම්බන්ධවත් සාකච්ඡා පැවැත්විනි.

    එහිදී පැහැදිලි වූ කරුණක් වුයේ දැනට අප රටේ රුපියල් මිලියන 960ක සැෂේ පැකට්වල අඩංගු ෂැම්පු, හෙයාර් ජෙල් හා හෙයාර් ඩයි අලෙවි වන බවයි. ඒ අනුව අපේ රටේ දිනකට රුපියල් ලක්ෂ 26ක එම ද්‍රව්‍ය අලෙවි කෙරේ. මෙම භාවිතා කරන ලද හිස් සැෂේ පැකට් සියල්ලම පරිසරයට මුදා හැරෙන අතර එමනිසා ජලමුලාශ්‍ර, ගංගා ඇලදොළ මෙන්ම වැව් පොකුණු මෙන්ම දිය ඇලි ද බරපතල පරිසර තර්ජනයකට ලක් ව ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.


    අප රටේ එක්තරා සමාගමක් විසින් මේ වනවිට ෂැම්පු, හෙයාර් ඩයි මෙන්ම හෙයාර් ජෙල් ඇසුරුම් කිරීම සඳහා එම පැකට් බිලියන 05ක් ගෙන්වා ඇතැයි එම සමාගම විසින් තමන්ට දන්වන ලද බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    කෙසේ වුවද, 2021 ජනවාරි 01 දින සිට මෙම සැෂේ පැකට් භාවිතය මෙරට තහනම් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී වෛද්‍ය හා ආහාර සැකසුම් තහනම් නොකෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අතර තමන්ට සහන කාලයක් ලබා දෙන ලෙස ඇතැම් සමාගම් විසින් ඉල්ලා ඇති අතර මෙම තීරණය ගනු ලැබුයේ එම සමාගම් අකර්මණ්‍ය කිරීමේ අරමුණින් නොවන නමුත් අදාල සමාගම් විසින් විශාල ළාබයක් මෙමගින් උපයන නිසා රටේ පරිසර සුරක්ෂිතතාවය උදෙසා ද අවධානය යොමු කළ යුතු යැයි අමාත්‍යවරයා කීය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya