මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් සමයේ වුවත් කලට වේලාවට පොහොර ටික ගොවිබිමට දෙන්න- කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

    නොවැම්බර් 29, 2020

    • කම්කරුවන්ගේ නවාතැන්, ආහාර, සෞඛ්‍යය පහසුකම් පෞද්ගලිකවම සොයා බලන්න
    • පොහොර බෙදාහරින ලොරි රථවල රියදුරන් සියළුදෙනා පී සී ආර් පරීක්ෂණයකට ලක් කරන්න.
    • වරායේ ප්‍රමාදය ගොවීන්ට දෙන්න එපා.

    පොහොර ගෙන්වීමේ කටයුතු කොළඹ වරායට ගොස් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිරීක්ෂණය කළේ ය.

    රාජ්‍ය පොහොර සමාගම් 02 මඟින් ගෙන්වන ලද නැව් 02 කින් පොහොර බෑමේ කටයුතු ද මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

    දිනකට පොහොර මෙට්‍රික් ටොන් 4,000 ක් නැව් වලින් ගොඩබෑම සිදුවුවද මේ වන විට එය මෙට්‍රික් ටොන් 1,000 දක්වා පහත වැටී ඇත්තේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන්ග පොහොර
    බෑමේ කටයුතු සඳහා පළපුරුදු කම්කරුවන් අත්‍යවශ්‍ය වන අතර, දැනට සේවයේ නිරත වන්නේ 25% ක පමණ කම්කරුවන් පිරිසකි. පොහොර බෑමේ කටයුතු වලදී සේවකයන් මෙන්ම
    නිලධාරීන් මුහුණදෙන ගැටළු වලට අමාත්‍යවරයා දිය හැකි විසඳුම් ඒ මෙහොතේම ලබාදීමට කටයුතු කළේ ය. දිවයින පුරා පොහොර හිඟයක් නිර්මාණය නොවීමට මෙම සේවකයන්ගේ
    කැපකිරීම ඉතා වැදගත් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහාතා මෙහිදී කියා සිටියේ ය.

    එසේම පොහොර බෙදාහැරීමට යොදවනු ලබන ලොරි රථවල රියදුරන් සියළුදෙනා පී සී ආර් පරීක්ෂණ වලට ලක්කෙරේ. එම වාර්ථා පැමිණීමේ ප්‍රමාදයන් හේතුවෙන් ද රියදුරු හිඟයක්
    නිර්මාණය වී ඇති බව වරාය තුළ කළ නිරීක්ෂණයේ දී හෙළිවිය. වරාය තුළ එම සේවකයන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදුවන ආකාරය ද මෙහිදී අමාත්‍යවරයා නිරීක්ෂණය කළේ ය.

    මෙහිදී කම්කරුවන් කියා සිටියේ, අවධානම ද නොසලකා තමන්ගේ ගැටළු පෞද්ගලිකවම සොයා බැලීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැමිණීම සිය සේවයට හා කැපකීරීමට
    මහත් ධෛර්යයක් වූ බවය. ඊට අමතරව පොහොර සමාගම්වල බෙදා හැරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහාය ද අවශ්‍ය පරිදි ලබාගැනීමට
    අමාත්‍යවරයා මෙහිදී සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ ය. දිවයින පුරා පොහොර බෙදාහැරීමේ කටයුතු සිදුකරන්නේ කොවිඩ් හමුවේ මුහුණ දී ඇති අභියෝග රැසක් මැදය. කෙසේ වෙතත්
    වරායේ ප්‍රමාදය ගොවියාට යාමට ඉඩ නොදී හැකි උපරිමයෙන් කාර්යක්ෂමව කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේ ය.

    ඊට රජය දියයුතු, දියහැකි සියළු පහසුකම් ලබාදීමට සූදානම් බවත් වරායේ පොහොර බෑමේ සහ පැටවීමේ නිරත සියළු සේවකයන්ට අමාත්‍යවරයා පෙරොන්දු විය. එම සේවකයන්ට අවශ්‍ය
    නවාතැන් පහසුකම්, ආහාර හා සෞඛ්‍යාරක්ෂිත කටයුතු පෞද්ගලිකවම සොයා බලන ලෙසද අමාත්‍යවරයා ලක්පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ මහතාට උපදෙස් ලබාදුන්නේ ය.

    වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක, ලක්පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ ඇතුළු නිලධාරීන් පිරිසකුත් මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේ ය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya