මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස්ගත ශ්‍රී ලාංකික සේවකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට ස්විට්සර්ලන්ත රජය සහ සංක්‍රමණ පිළිබද ජාත්‍යන්තර සංවිධානය (IOM) ආධාර කරයි

    නොවැම්බර් 28, 2020

    විදෙස්ගත ශ්‍රී ලාංකික සේවකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට ස්විට්සර්ලන්ත රජය සහ සංක්‍රමණ පිළිබද ජාත්‍යන්තර සංවිධානය (IOM) ආධාර කරයි.

    කොවිඩ්-19 වෛරසය හේතුවෙන් විදේශගතව සිරවී සිටින සංක්‍රමණික සේවකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට ස්විට්සර්ලන්ත රජය සහ සංක්‍රමණ පිළිබද ජාත්‍යන්තර සංවිධානය  (IOM) සහාය ලබා දී ඇත. ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස්ගත සංක්‍රමණික සේවකයින් සදහා සිදු කරනු ලබන PCR සංඛ්‍යාව වැඩි කිරීම සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපලේ ස්ථාපිත කිරීමට නවීන තාක්ෂණයෙන් ස්වයංක්‍රීය RT-PCR පරීක්ෂණ යන්ත්‍රයක් හා පරීක්ෂණ කට්ටල 39,000 ක් ලබාදීමට ස්විට්සර්ලන්ත රජය සහ සංක්‍රමණ පිළිබද  ජාත්‍යන්තර සංවිධානය කටයුතු කර ඇත.

    ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත රුපියල් මිලියන 150 කට අධික එම ව්‍යාපෘතියට අදාල පරීක්ෂණ කට්ටල (27) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සංකේතවත් ව  ප්‍රදානය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා (Mr. Dominik Furgle) සහ සංක්‍රමණ පිළිබද ජාත්‍යන්තර සංවිධානයේ (IOM) මෙහෙයුම් ප්‍රධානී සරට්  ඩෑෂ් යන මහත්වරුන් විසිනි.

    මෙම ප්‍රදානය ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ දිනසිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර ව්‍යාපෘති  ගණනාවකට ස්විට්සර්ලන්ත රජය සහයෝගය ලබාදී ඇති බවත්, දෙරට අතර සහයෝගීතාවයේ විශිෂ්ට දිගුකාලීන ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයට මෙම ප්‍රදානය මනා පිටුවහලක් වන බවයි.

    ගුවන්තොටුපළෙහි අළුතින් ස්ථාපනය කෙරෙන මෙම උසස් වර්ගයේ උපකරණය භාවිතා කරමින් දිනකට RT-PCR පරික්ෂණ 1300 ක් සිදු කළ හැකි බවත්, පැය 03 ක පමණ කෙටි කාලයක්  පමණක් ඒ් සදහා ගතවන බවත්, මෙමගින් පරික්ෂණ ධාරිතාවය සැළකිය යුතු ලෙස වැඩි කර ගත හැකි බවත් ස්විට්සර්ලන්ත තානාපති තුමා විසින් සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කරන ලදි.  මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ව ආරක්ෂිතව හා ඉක්මණින් ආපසු ගෙන්වා ගැනීමට සැළකිය යුතු දායකත්වයක් සපයනු ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

    (IOM) සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී සරට් ඩෑෂ් මහතා මෙහිදී කියා සිටියේ විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ආරක්ෂිතව ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව  සහතික කිරීමට ප්‍රවේශ ස්ථානවලට නව තාක්ෂණික උපකරණ අත්‍යාවශ්‍ය වන බවයි. ස්විට්සර්ලන්ත රජය සමග එක්ව මෙම ප්‍රදානයන් සිදු කිරීමට ලැබීම අගය කොට සළකන බව ද ඒ මහතා  පැවැසිය.

    මෙම අවස්ථාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය වෙනුවෙන් ගිසෙලා ෂ්ලූප් මිය Mrs. Gisela Schluep, First Secretary (Migration), පළමු ලේකම් (සංක්‍රමණ) සංක්‍රමණ සහ සංවර්ධන  (දකුණු හා ගිනිකොනදිග ආසියාව) හි ප්‍රාදේශීය වැඩසටහන් කළමනාකරු බෙනිල් තවරසා මහතා Mr. Benil Thavarasa, Regional Programme Manager, Migration and Development (South  and South-East Asia), IOM ජාත්‍යන්තර සංවිධානයෙහි මෙහෙවර ප්‍රධානී සරට් ඩෑෂ් මහතා (Mr. Sarat Dash, Chief of Mission, IOM), ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික  නියෝජිත වෛද්‍ය රාසියා ෆෙන්ඩ්සේ මහත්මිය, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරු ඇතුලු  පිරිසක් සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya