අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නව චීන තානාපති හමුවෙයි

    නොවැම්බර් 27, 2020

    සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා චීන රජයේ නව ශ්‍රී ලංකා තානාපති කී ෂෙන්හොන් ( Qi Zhenhong ) මහතා අතර විශේෂ හමුවක් 25 දින පෙරවරුවේ චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

    මෙහිදී දෙරට අතර පවතින මිත්‍රත්වය හා දැනට රටවල් දෙකෙහි පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදී. ශ්‍රි ලංකාවේ පවතින කොවිඩ්- 19 වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බවද චීන තානාපතිවරයා ප්‍රකාශ කරන ලදී.

    මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ වෙළඳ කටයුතු පිළිබඳ කොන්සල්වරයා වන ලී ගුවන්ජුන් ( Li Guangjum ) මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා සහභාගි වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya