අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තරායකර ඹෟෂධ පාලක ජාතික පනත රටේ පවතින වත්මන් තත්වයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබද සාකච්ඡාවක්

    නොවැම්බර් 26, 2020

    අන්තරායකර ඹෟෂධ පාලක ජාතික පනත සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී  (25)දින පෙරවරුවේ පැවැත්විය.

    මෙහිදී අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩල , ශ්‍රී ලංකා පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යේෂඨ නිලධාරීන් පැමිණ
    සිටි අතර අන්තරායක ඹෟෂධ පාලන ජාතික පනත රටේ පවතින වත්මන් තත්වයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබද අදහස් ඉදිරිපත් විය.

    විශේෂයෙන්ම මෑත කාලීනව සමාජයේ සුලභ ලෙස පැතිරී යන සාම්ප්‍රධායික නොවන නවතම මාදිලියේ මත්ද්‍රව්‍ය වර්ග සම්බන්ධව සහ ඒ ආශ්‍රිත ගැටලු වලට මුහුණ දෙන ආකාරයත්, ඇතැම් මත්ද්‍රව්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාවයත් පිළිබඳව දැඩි අවධානයට යොමු කරනු ලැබීය.

    මත් ද්‍රව්‍ය භාවිතය නිසා රක්ෂිත බන්ධනාගාර වන පිරිස විශාල ලෙස වැඩි වී ඇති බැවින් බන්ධනාගාර තුල ඇතිවන තදබදය අවම කිරීම සඳහා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව හරහා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය හරහා එකී ඇබ්බැහිවන්නන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාවයත්, ඒ සඳහා වැඩ පිලිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධවත් සාකච්ඡාවට බදුන් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya