මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      2021 ජනවාරියේ සිට යුරෝපා ප්‍රමිතියෙන් යුතු, ඉතාම අනර්ඝ සෑම වර්ගයකම ටයර් විදෙස් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම්

    නොවැම්බර් 22, 2020

    2021 ජනවාරියේ සිට යුරෝපා ප්‍රමිතියෙන් යුතු, ඉතාම අනර්ඝ සෑම වර්ගයකම ටයර් 100%ක් ම දේශීය කර්මාන්ත ශාලාවක නිපදවා දෙස් - විදෙස් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම්...!


    - අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන රිජිඩ් ටයර් කෝපරේෂන් කර්මාන්තශාලා පරිශ්‍රය නිරීක්‍ෂණයෙන් අනතුරුව ඇමති විමල් කියයි.


    හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ ස්ථාපිත අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන 'රිජිඩ් ටයර් කෝපරේෂන්' කර්මාන්තශාලා පරිශ්‍රය (20) කර්මාන්ත  අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
    පළමු අදියර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 100ක වියදමින් ඉදිකර ඇති මෙම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවේ පළමු නිෂ්පාදන අදියර ලෙස මෝටර් සයිකල් ස්කූටර් සහ ත්‍රී රෝද රථ ටයර්,  ට්‍රක් හා බස් රථ ටයර් සහ Industrial Tyres නිෂ්පාදනය කිරීමට නියමිතය. SUV වර්ගයේ වාහන ටයර් සදහා දේශීයව සහ විදේශීය ඉල්ලීම සැළකිල්ලට ගනිමින් වැඩි වශයෙන් ඒ වෙනුවෙන්  අවධානය යොමුකිරීමට නියමිතවේ. යුරෝපිය තාක්ෂණික සහ තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබයි. අක්කර 155ක් පුරා විහිදුනු කර්මාන්තශාලා  පරිශ්‍රය අවට හරිත පරිසරයද රැක ගනිමින් නිර්මාණය කොට තිබේ.

    දෙවන අදියර සදහා ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 150 කි. ලබන වසරේ ආයෝජකයන් සමග ඒකාබද්ධ ගිවිසුමක් හරහා මිලියන 1.5ක නිෂ්පාදන ධාරිතාවයකින් යුතු ටයර් නිෂ්පාදනය  ඇරඹීමට සුදානමින් සිටියි.මෙම නිෂ්පාදනයන්ගෙන් 80%ක ප්‍රමාණයක් අපනයනය සදහා වේ. Industrial Tyres නිෂ්පාදනය කිරීම සදහා මෙට්‍රික්ටොන් 15,000 කින් යුත් වෙනම නිෂ්පාදන  අංගනයක්ද රිජිඩ් ටයර් සමාගම සතු වෙයි.

    මෙම කර්මාන්තශාලාව අවට තරුණ තරුණියන් නිර්මාණය වන රැකියා අවස්ථා මෙන්ම අදාළ ක්ෂේත්‍රයේ යුරෝපීය තාක්ෂණික දැනුම මෙන පුහුණුවද තමන්ගේ රට තුලදීම ලබා ගැනීමට  අවස්තාව මේ හරහා නිර්මාණය වී තිබේ. එමෙන්ම කර්මාන්තශාලාව අවට සිටින තත්වයෙන් උසස් රබර් කිරි නිෂ්පාදකයන් සදහා හොද මිලක් නිර්මාණය වීමත් එමගින් රබර් වැවිලි කරුවන්  තවත් දිරිමත් කරමින් ඔවුන්ගේ ජීවනෝපාය නගා සිටුවීමට හැකියාව ලැබීමත් මෙම කර්මාන්තශාලාවේ වැදගත්කම් වේ. අදියර දෙකෙහිම නිෂ්පාදන ලබන වසරේ සිට විදෙස් වෙළදපොලට  අපනයනය කිරීම මගින් රටේ අපනයන ආදායමද ඉහල යෑම සිදුවෙනු ඇත.

    මෙම අවස්ථාවට ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා,  කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, රිජිඩ් ටයර් කෝපරේෂන් ආයතනයේ සභාපති නන්දන ලොකුවිතාන මහතා, කර්මාන්ත අමාත්‍යංශයේ සහ රිජිඩ් ටයර් කෝපරේෂන්  ආයතනයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya