අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිහින සැබෑ කර ගත හැකි යුගයක් නැවතත් පැමිණ තිබෙනවා- ජනමාධ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 21, 2020

    සිහින සැබෑ කර ගත හැකි යුගයක් නැවතත් පැමිණ තිබෙන බවත් එම සිහින සැබෑ කර ගැනීමේ වැඩපිළිවෙළ ආත්මවිශ්වාසයක් ඇතිව ඉදිරියට ගෙන යා හැකි බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    විපක්ෂය මෙම අයවැය සිහිනයක් බව පැවසුවද ආණ්ඩුවේ සිටින්නේ එලෙස සිහින සැබෑ කරගත් කණ්ඩායමක් බවත් වැඩ කර පුරුදු කණ්ඩායමක් බවත් පැවසූ අමාත්‍යවරයා නිවැරදි , ක්‍රමානුකූල වැඩ පිළිවෙළක් ඔස්සේ සංචාරක ව්‍යාපාරය , විදේශ රැකියා ක්ෂේත්‍රය වැනි අපට අහිමි වූ ක්ෂේත්‍ර නැවත ළඟා කරගනිමින් රට ඉදිරියට ගෙන යාමේ හැකියාව රජයට පවතින බව සඳහන් කළේය.

    අයවැය විවාදයේ දෙවන වර කියවීමේ අවසන් දිනය වන අද දින විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     තමාගේ 26 වැනි අයවැය විවාද කතාව මෙය බව පැවසූ අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂය අය වැය ඉදිරිපත්කරද්දී විපක්ෂය එය විවේචනය කිරීම සාමාන්‍ය ස්වභාවය බවත් , වසර 26 තිස්සේ තමා මෙය අත්දකින බව සඳහන් කළේය.

    එහෙත් මෙම අයවැය පුරෝකතනයේ ප්‍රතිඵල අත්විඳිය හැක්කේ තවත් වසරකින් බවත් විවාද, විවේඡන , ප්‍රහාර එල්ල කරමින් මෙම සටන ගෙන යා යුත්තේ තවත් වසරකින්, මෙම අයවැය යෝජනා ක්‍රියාත්මක නොවුනහොත් පමණක් බවද අමාත්‍යවරයා පැවසීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය අවුරුදු කිහිපයක අය වැය විමසා බැලීම තුළින් ජනතාවට විශ්වාසය තැබිය හැක්කේකුමන අයවැයක් කෙරෙහිද යන්න පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලබා ගත හැකි බවයි.

    2015 වසරේ යහපාලන අයවැය අධ්‍යාපනය සඳහා 6%ක් එනම් බිලියන 303ක් වෙන් කර , ඒ පිළිබඳ විශාල ප්‍රචාරයක්. ලබා දුන්නද අවසානයේ බිලියන හැටක් එනම් 2%කින් සියල්ල අවසන් කිරීමට සිදු වූ බවද කීය.

    2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය දැරූ සමයේ ව්‍යසනයන් කිහිපයක් හමුවේ වුවද එනම් සුනාමි ව්‍යසනය, ලෝක තෙල් වෙළෙඳපොළ හා ආර්ථික අවපාතය හමුවේ වුවද බෝම්බ පුපුරමින් රටේ තත්වය දරුණු ලෙස කඩා වැටී තිබූ යුගයක 98.2% වූ ණය බර වසර 9 අවසානයේ72.3%කට ගෙන ඒමට රජයට හැකි වූ බව පැවසීය.

    2005 වසරේ ඒක පුද්ගල ආදායම ඩොලර් 1242 වූ බවත් එය වසර 09 අවසානයේ ඩොලර් 3819 දක්වා ඩොලර් 2577කින් වැඩි කර ගත හැකි වූ බවත් එහෙත් 2015 සිට 2019 දක්වා ඩොලර් 33කින් පමණක් වැඩි වූ බවත් පෙන්වා දුන්නේය.

    ලෝක වසංගත තත්වය හමුවේ මෙය ඉතා අමාරු ගමණක් බවත් යුද්ධය පැවති සමයේ ආසියාවේ ඉහළම ආර්ථික වේගය ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. එම අත්දැකීම් සමග අසීරු අවස්ථාවක අසීරු අයවැයක් ඉදිරිපත් කළත් එම සියල්ල යතාර්ථයක් බවට පත් කිරීමට ඉතිහාසයක් තිබෙන රජයකට හැකියාව තිබෙන බවත් එම ඉතිහාසය නැවත වතාවක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබී ඇතැයිද කීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya