අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙලක් සකස් කොට තිබෙනවා- අමාත්‍ය දයාසිරි ජයසේකර

    නොවැම්බර් 20, 2020

    නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙලක් සකස් කොට තිබෙන බවත් 2021 අයවැය මඟින් මේ රටේ අනාගතය ශක්තිමත් කිරීම හැකි වන ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    2021 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ දී කොරෝනා වසංගතය හේතුවෙන් මුළු ලොවෙහිම ආර්ථිකය කඩා වැටීමකට ලක්ව තිබෙන මොහොතක, රටේ සමස්ත ජනතාවට ද මෙම ව්‍යසනයට මුහුණ දීමට සිදුව තිබෙන බවත්, සමස්ත ප්‍රජාවම එය තේරුම්ගෙන කටයුතු කළ හොත් පමණක් රටක් වශයෙන් ඉදිරියට යා හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

    ලංකාවට පමණක් නොව ප්‍රංශය වැනි ඉතාම දියුණු රටවල පවා ආර්ථික වර්ධනය ඍණ අගයක් දක්වා මේ වන විට පහතට වැටී ඇති බවත්, විපක්ෂය සඳහන් කරන පරිදි මෙරට ආර්ථිකය කඩා වැටීම පිලිබඳව සැළකිල්ලට ගැනීමේ දී 2021 සිට 2023 දක්වා ඩොලර් බිලියන 7.5 ක ණය ගෙවීමේ තත්ත්වයක් ඇති ව තිබෙන බවත්, කෙසේ වුව ද විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.9 ක යම් අඩු අගයක් වුවත් පවත්වාගෙන ඉදිරියට යා හැකි වැඩපිළිවෙලක් වත්මන් ආණ්ඩුව විසින් සකස් කොට ඇති බවත් ඒ මහතා මෙහි දී කරුණු දක්වමින් කියා සිටියේය.

    එමෙන්ම, 2020 වසරේ ගෙවිය යුතු සමස්ත ණය වලින් කොටසක් ගෙවා ඇති බවත්, මෙම වසර අවසානය වන විට සමස්ත වසර තුළ ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය ගෙවීමට අවශ්‍ය කටයුතු සිදු කොට ඇති බවත්, මෙලෙස වාර්ෂිකව ණය ගෙවීම නවත්වාගැනීම උදෙසා විශාල වැඩකොටසක් කළ යුතුව ඇති බවත් සඳහන් කළඅමාත්‍යවරයා, නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙලක් සකස් කොට ඇතැයි ද, භාණ්ඩ හා සේවා අපනයනය වැඩි කරගැනීමේ මෙන්ම ආනයන ආදේශන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ඇති කරන බවට ද, මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya