අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුවට දේශීය නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානයක්- රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

    නොවැම්බර් 15, 2020

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළ අන්තර්ගත, දස වැදෑරුම් ප්‍රතිපත්ති අතරින් ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථික පිළිවෙතක් කරා රට  ගෙනයාම ප්‍රමුඛතම කාර්ය වේ. ඒ අනුව ‘ග්‍රාමීය ආර්ථිකය’ නගාසිටුවීම සදහා ක්‍රියාත්මක ජාතික වැඩසටහන, ප්‍රධාන කමිටු හතරකින් යුතුව සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයට අදාළ ‘දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව’ පසුගිය දා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    මැටි කර්මාන්තයට අදාළව අමුද්‍රව්‍ය ප්‍රවාහනයේදී පවතින නීතිමය ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කරනු ලබන අවසර පත්‍රයක් මගින් මැටි  කියුබ් 03ක් සදහා ප්‍රවාහනයට අවසර හිමිවන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල ග්‍රාමීය කර්මාන්ත කරුවන්ගේ වෙළඳපළ ගැටලුවට විසදුමක් වශයෙන් තම නිෂ්පාදන අළෙවිකර ගැනීම සඳහා සුදුසු ස්ථානයක් හඳුනාගෙන එම  ස්ථානයේ අළෙවි ප්‍රදර්ශනාගාරයක් කඩිනමින් ඉදිකිරීමට ද කටයුතු කරන ලෙස අදාළ පාර්ශවයන්‌ වෙත රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දීමක් ද සිදුකළේ ය.

    තවද ප්‍රාක්ධන ණය පහසුකම් සැපයීම පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. ඇලැහැර, දිඹුලාගල, වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා විදාතා මධ්‍යස්ථාන පිහිටුවීමත් සහ  ජාතික ශිල්ප සභාවේ කාර්යාලයක් හා නිලධාරීන් පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා ලබා දීම පිළිබදවත් අවධානය යොමු කෙරිණ. එමගින් කර්මාන්ත කරුවන්ට මෙන්ම සාම්ප්‍රධායික  ශිල්පීන්ට අවශ්‍ය තාක්ෂණය සහ දැනුම ලබා දීමට හැකි වන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම ලක්ෂ උයන කර්මාන්තපුරයට අමතරව දිඹුලාගල,වැලිකන්ද ප්‍රදේශයන්හි නව කර්මාන්ත පුර ඇති කිරීම, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ උප කාර්යාලයක් ඇලහැර  ප්‍රදේශයේ ස්ථාපිත කිරීම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශවලින් හඳුනාගන්නා මැණික් නිධි සඳහා ඉහත උප කාර්යාලය මගින් නිසි ක්‍රමවේදයකට යටත්ව, දිස්ත්‍රික්කයේ මැණික්  කැණීමට අවස්ථාව ලබාදීම යන කාරණා සදහා මෙහිදී එකඟතාවයන් ඇති විය.

    මෙහිදී ගන්නා ලද තීරණ වලට අනුව ප්‍රදේශයේ කර්මාන්තකරුවන් හට සහන රැසක් ලැබෙන බවත් ප්‍රදේශයේ රැකියා විරහිත පිරිස්වලට රැකියා අවස්ථා ලැබෙන බවත් අමාත්‍යවරුන් ප්‍රකාශ කර  සිටියේය. ගන්නා ලද තීන්දු තීරණ වල ප්‍රගතිය සලකා බැලීම සදහා ඉදිරි දිනකදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලූම රාජ්‍ය ආයතන එක තැනකට ගෙන සාකච්ඡා කලයුතු බව පැමිණ සිටි  සියලු අමාත්‍යවරුන්ගේ මතය විය.

    මේ සදහා කැබිනට් අමාත්‍යවරුන් වන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, සමාගම් වතු ප්‍රතිශංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත භෝග වගා සහ  කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා, බතික්, අත්‍ යන්ත්‍ර, රෙදිපිළි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර  මහතා, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා, උක්, බඩඉරිඟු, කජු,  ගම්මිරිස්, කුරුදු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු  සහ ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා යන අමාත්‍යවරුන්  සහභාගි විය.

    මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා, අමාත්‍යංශ ලේකම් වරුන්, අතිරේක ලේකම්වරුන්, දෙපාර්තමේන්තු, අධිකාරි සහ සංස්ථාවල ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු  ප්‍රාදේශීය දේශපාලන නියොජිතයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya