අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවැනි පාසල් වාරයට පාඩම් රූපවාහිනී නාලිකා ඔස්සේ සිදු වන්නේ මෙහෙමයි

    නොවැම්බර් 15, 2020

    රටේ උද්ගත වී ඇති අයහපත් තත්වය මත නැවත පාසල් විවෘත කිරීම දිගින් දිගටම කල් යෑම මත 2020 වසරේ තෙවන පාසල් වාරය සඳහා අවශ්‍ය ඉගැන්වීම් කටයුතු රූපවාහිනී නාලිකා ඔස්සේ සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රධාන විෂයන් ඉලක්ක කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිෂ්පාදනය කළ නව පාඩම් මාලා පෙළක් පහත පරිදි රූපවාහිනී නාලිකා 3 ක විකාශය වීමට නියමිතය.

    ? Channel EYE/නේත්‍රා TV
    - 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා
    - සිංහල සහ දමිළ මාධ්‍ය
    - දිනකට පැය 16 ක්

    ? ART TV
    - 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා
    - ඉංග්‍රීසි මාධ්‍යයෙන්
    - දිනකට පැය 4 ක්

    ? අද දෙරණ 24
    - O/L පුනරීක්ෂණ (Revision)

    මෙම රූපවාහිනී පාඩම් මාලා එළැඹෙන නොවැම්බර් 16 සඳුදා උදෑසන 4 සිට විකාශය ඇරඹෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මීට අදාළ කාල සටහනක්ද නිකුත් කිරීමට නියමිතය.

    මේ අතර මෙම පාඩම් මාලා සඳහා රූපවාහිනී නාලිකා ඔස්සේ සම්බන්ධ වීමට අපහසු සිසුන්ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා ඔස්සේද මෙම පාඩම් මාලා ගෙන ඒමට නියමිත අතර පාඩම් මාලා අධ්‍යයනයේදී ඇතිවන ගැටළු ගුරු මණ්ඩලයක් වෙත යොමු කිරීමට 1377 යන විශේෂ දුරකථන අංකයද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇත....

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya