මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් මරණ ගැන සමාජ මාධ්‍ය අසත්‍ය ප්‍රචාර ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ විමර්ශනයක්

    නොවැම්බර් 13, 2020

    සමාජ ජාලා තුළ කොවිඩ් මරණ සිදු වීම සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර සංසරණය වෙමින් පවතින අතර ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (13) පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව, මෙරට තුළ කොවිඩ් වෛරසය හේතුවෙන් මේ වන විට 48 දෙනකු මිය ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු යාචක පුද්ගලයෙකු වන අතර කොවිඩ්-19 වෛරසය වැළඳීම හේතුකොටගෙන මහ මඟ දී මිය ගොස් ඇත්තේ ඔහු පමණක් බවත්, එහෙත් රටේ විවිධ ප්‍රදේශ වල මහා මාර්ග වල කෝවිඩ් ආසාදිතයින් මිය යන බව පවසමින් විවිධ මාධ්‍ය ජාලා, සමාජ ජාලා මෙන්ම වෙබ් අඩවි තුළ පින්තූර ද සහිතව අසත්‍ය ප්‍රචාර සංසරණය වෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට ලක් ව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කොට ඇති බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    මීට පෙර අවස්ථාවල දී ත් මෙරට කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හා සම්බන්ධ විවීධ ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ, නිර්මාණය කළ පුද්ගලයින් 17 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත්, මෙවැනි ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි, රටේ අපරාධ යුක්ති ක්‍රමයට අදාළ වන ආයතන වලට යම් ආකාරයක ද්වේශයක් ඇති කරවන අසත්‍ය පුවත් සමාජ ජාලා, වෙබ් අඩවි තුලින් බෙදාහැරීමෙන් හෝ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත් ඒ මහතා මෙහි දී ජනතාවට අවධාරණය කර සිටී.

    ඒ අනුව, මෙවැනි සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන් පිළිබඳව විමර්ශනයක් සිදු කොට ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya