අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට සහාය වෙමින් දීපාවලී සැමරුම තම නිවසට හා පවුලට පමණක් සීමා කරන්න

    නොවැම්බර් 13, 2020

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට සහාය වෙමින් දීපාවලී සැමරුම තම නිවසට හා පවුලට පමණක් සීමා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.

    අද (13) පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.

    හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ඩ්‍රෝන යානා උපයෝගි කරගනිමින් සහ පොලිසිය සහ ගුවන් හමුදාව සමඟ සිදු කරන ගුවන් මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බවත් සඳහන් කළ අජිත් රෝහණ මහතා, මෙම මෙහෙයුම්වලින් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 15ක් ඊයේ දිනයේ ද පුද්ගලයන් 07ක් අද දිනයේ ද අත් අඩංගුවට ගත් බව සඳහන් කළේ ය.

    එමෙන් ම මුහුණ ආවරණ නොපැළදීම,දුරස්ථභාවය තබා නොගැනීම යන කාරණා හේතුවෙන් පුද්ගලයින් එකසිය අසූවක් පමණ අත් අඩංගුවට ගෙන තිබෙන බවද කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සුපුරුදු සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ද සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya