අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය මට්ටමින් විශ්වවිද්‍යාල 10ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක්

    නොවැම්බර් 13, 2020

    නව රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව ප්‍රාදේශීය මට්ටමින් විශ්වවිද්‍යාල 10ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයීය වෝඩ් පෙදෙස පරිශ්‍රයේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ දැනට උසස් අධ්‍යාපන ආයතන පිහිටා නොමැති දිස්ත්‍රික්ක 10ක් තෝරා ගෙන එකී දිස්ත්‍රික්ක සඳහා අදාළ විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳ ව ය. මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම, අදාළ ඉදිකිරීම් හැකි ඉක්මනින් ආරම්භ කිරීම සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විවෘත කිරීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

    මෙම අවස්ථාව සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා,වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, උප සභාපතිනි මහාචාර්ය ජනිතා එන්.ලියනගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya