මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභියෝග හමුවේ අඛණ්ඩ ව පැවැත්වූ උසස් පෙළ විභාගය අවසන්- සහාය වූ සියලු පාර්ශවයන්ට කෘතවේදී ස්තුතිය පිරිනැමේ

    නොවැම්බර් 07, 2020

    කොවිඩ් වසංගතයේ දෙවැනිවර ව්‍යාප්තියත් සමඟ රට තුළ මතුවූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648ක සිසුදරුවන් 3,62824 ක් වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් 12 වැනි දින සිට අඛණ්ඩව පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගය (නොවැම්බර් 06) අවසන්  විය.

    06 දින උසස් පෙළ විභාගයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය, උසස් ගණිතය යන විෂයයන් පැවැත්වෙන අතර, සිසුන් 35,000කට ආසන්න පිරිසක් ඒ සඳහා පෙනී සිටි ඇත

     

    මෙවර උසස් පෙළ විභාගය ආරම්භ වන අවස්ථාව වනවිට සිසුන් නව දෙනෙකු කොවිඩ් හේතුවෙන් නිරෝධායනය වන අතරතුර විභාගයට පෙනී සිටි අතර, ක්‍රමක්‍රමයෙන් නිරෝධායනය වන සිසුන් සංඛ්‍යාව 568ක් දක්වා වැඩිවිය. ආශ්‍රිතයන් හේතුවෙන් කොවිඩ් ආසාධිත වූ සිසුන් 27 දෙනෙකු IDH රෝහලේ ද, පනාගොඩ යුදහමුදා රෝහලේ එක් සිසුවෙක් ද, මුල්ලේරියාව රෝහලේ එක් සිසුවෙක් ද නේවාසිකව සිට විභාගයට පෙනී සිටියහ. විශේෂයෙන් ම මිනුවන්ගොඩ, ගම්පහ, ජාඇල, සීදුව, ඒකල ප්‍රදේශවල සිසුන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් ක්‍රියාත්මක කරන ලද අතර, එම විභාග මධ්‍යස්ථානවල සහ රෝහල්ගත සිසුන් වෙනුවෙන් විභාග පැවැත්වීමට විභාග පරීක්ෂකවරුන් ඇතුළු සෙසු පාර්ශවවලින් ඉමහත් සහයෝගයක් ලැබුණි.

     

    සෑම විභාග මධ්‍යස්ථානයක ම පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විභාගය පැවැත්වීමට ද සියලු සෞඛ්‍ය අංශ වෙතින් පූර්ණ සහයෝගය ලැබිණි. එමෙන් ම දරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට ප්‍රවාහන අංශවල සියලු නිලධාරීන් සහ සාමාජිකයන් පූර්ණ සහාය ලබා දෙන ලදී.

     

    නිරෝධායන ඇඳිරිනීතිය බලපවත්වන ප්‍රදේශ ඇතුළු දිවයින පුරා අනෙකුත් සියලු ප්‍රදේශවල විභාගයට පෙනී සිටින දරුවන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් සහාය වූ ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලයටත්, දුම්රිය දෙපාර්තමේන්තුවටත්, සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පූර්ණ සහාය පළ කළ සෞඛ්‍ය හා වෛද්‍ය අංශය වල සියලු නිලධාරීන්ටත්, විභාග පරීක්ෂකවරුන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයටත්, සියලු ම විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන්ටත්, පවතින තත්වය හමුවේ දරුවන් වෙනුවෙන් අභියෝගාත්මක තීන්දුවක් ගනිමින් විභාග කල් නොදමා පැවැත්වීමට රජය ගත් පියවර කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් දරුවන්ගේ විභාග මානසිකත්වය යහපත් කළ සියලු දෙමව්පියන්ටත්, සියලුම මාධ්‍ය ආයතනවලටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කෘතවේදී ස්තුතිය පිරිනැමේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya