අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යයේ ඖෂධ මංජුසාව අගමැති නිල වශයෙන් භාරදෙයි

    නොවැම්බර් 05, 2020

    ඵෙතිහාසික සෝමාවතී රජමහා විහාරස්ථ පින්බිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යයේ පඬු පෙවීමට පූජා කෙරෙන ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 04 දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට භාර දුන්නේය.

    බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පඬු පෙවීමට පූජා කෙරෙන ඖෂධ මංජුසාව විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීමෙන් අනතුරුව මෙසේ නිල වශයෙන් එය භාරදීම සිදුවිය.

    ගරු අග්‍රාමාත්‍යතුමා විසින් විවිධ ඖෂධ අඩංගු ඖෂධ මංජුසාව සැදැහැ සිතින් වැදපුදාගනිමින් දෙවැනි පැරකුම් රජ දවසින් පසුව ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍ය ශාසනයේ චිර පැවැත්මට හේතුවේවායි ප්‍රාර්ථනා කළේය.

    රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙවර පැවැත්වෙ කඨින චීවර පඩුපෙවීම හා කඨින මහා පිංකම ලබන 7 සහ 8 දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වෙයි.
    මෙහිදී කඨින චීවරය නිර්මාණය කිරීමේ වගකීම බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් රාජ්‍ය අමාත්‍යංශයට පවරා තිබිණි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya