අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන" ආරම්භ කෙරේ...

    ඔක්තෝබර් 28, 2020

    • රාජ්‍ය යාන්ත්‍රණය හරහා ලබාදෙන ප්‍රතිලාභ ගමට ගෙන යාමේ අභියෝගය ජයගැනීමට සූදානම්...• විවිධ අංශ ගණනාවක් ඔස්සේ අතිවිශාල සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරි වර්ෂය තුළ ක්‍රියාවට නැංවේ...
    .- තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ


    "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් ජනාධිපති කාර්යසාධක බලකාය හා ජනාධිපති වරයාගේ සහ අග්‍රාමාත්‍ය වරයාගේ මගපෙන්වීමෙන් කැබිනට් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව "ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන" ආරම්භ කෙරේ.


    ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කළ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ නව රජයෙන් ග්‍රාමීය ජනතාව
    වෙත සෘජුවම හා කඩිනමින් ප්‍රතිලාභ ගෙන යාමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙයි.


    ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ ජාතික වැඩසටහන සඳහා පත්කරනු ලැබූ ප්‍රධාන කමිටු 04 අතරින් සාමජයීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ නිල වැඩකටයුතු  (27) පෙරවරුවේ
    අනුරාධපුර උතුරුමැද පළාත් සභා ශාලාවේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.


    "සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව" සඳහා කැබිනට් අමාත්‍යාංශ 03 ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 09 ක් සම්බන්ධ වේ.
    • කැබිනට් අමාත්‍යාංශ
    01. අධ්‍යාපන අමාත්‍යාංශය
    02. සෞඛ්‍ය අමාත්‍යාංශය
    03. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය

    • රාජ්‍ය අමාත්‍යාංශ.
    01. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
    02. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
    03. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්‍යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
    04. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය
    05. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය
    06. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
    07. දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය
    08. ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය.
    09. ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.

    ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ ජාතික වැඩපිළිවෙළෙහි සාමාජයීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ නිල වැඩකටයුතු ආරම්භ කරමින් අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වය රාජ්‍ය යාන්ත්‍රණය තුළින් ගම් මට්ටමට ගෙන යාමට අවශ්‍ය සම්බන්ධීකරණය සඳහා මෙම කමිටු 04 ක්‍රියාත්මක වන බවයි.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා -දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ප්‍රදේශවල හඳුනා ගත් ජන ගැටලු සඳහා විසඳුම් ලබා දීම කඩිනම් කිරීමට රජය පියවර ගන්නවා. එමෙන්ම ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය උදෙසා 2021 වසරේ
    අය වැය සදහා වෙන් කර ඇති මුදල් යෙදවීම කෙසේ සිදු කළ යුතුද යන්න හඳුනා ගැනීමටත්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා හඳුනාගත් ක්ෂේත්‍රයන් 04 ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබාගැනීමට කටයුතු යොදා තිබෙනවා.
    රට වෙනුවෙන් සිදු කරන සෑම වටිනා කටයුත්‍තක්ම අනුරාධපුරයෙන් ආරම්භ කරන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණෙන්. එක් එක් අමාත්‍යාංශවලින් ඉදිරි වසරේ අය වැය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රතිපාදන සහ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩ සටහන්වල දළ අවබෝධයක්ද මේ අවස්ථාවේ දී ලබාගත හැකියි.
    ඒ ඒ අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් ඔස්සේ උතුරුමැද පලාතට සිදුකිරීමට නියමිත සමාජීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් ඉදිරිපත් කර, එම කරුණු සාකච්ඡාවට ගැනීම සිදුකළා. ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ කරුණක් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වෙත විෂය පථයන් බෙදා දීමටත්, එක් එක් රාජ්‍ය අමාත්‍යාංශ තුළ සිදු කළ හැකි වැඩ කටයුතු ගම් මට්ටමෙන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමටත් අවධානය යොමු කර තිබෙනවා.
    මේ වන තෙක් ජනතාව වගේම රාජ්‍ය නිළධාරීන්ද අපහසුතාවට පත් කළ විශේෂ කරුණක් වන්නේ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමට ඒ ඒ විෂයන්ට වග කියන ආයතනයක් නොමැති වීමයි. අද
    එසේ නොවන්නේ හැම අනු විෂයකටම වගකිවයුතු දේශපාලන අධිකාරියේ ජනතා නියෝජිතයෙක්ද, රාජ්‍ය නියෝජිතයෙක්ද පත්කර තිබෙන නිසයි.දැන් අපිට තිබෙන අභියෝගය වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා මෙම ප්‍රතිලාභ ගමට ගෙන යාමයි. අමාත්‍යාංශ සියල්ල දෙස බැලූවිට ගම් මට්ටමින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන අමාත්‍යාංශ තිබෙන්නේ කිහිපයයි. අනෙක් අමාත්‍යාංශවල විෂය පථය හා වැඩපිළිවෙළවල් තිබූ නමුත් ඒවා ගමට ගෙනයාමේ යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. මෙම කටයුතු සම්බන්ධීකරණය කර රාජ්‍ය යාන්ත්‍රණය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන සෑම අමාත්‍යාංශයකම තිබෙන ප්‍රතිපාදන ගමට ලැබෙන ලෙස සැලසුම් කිරීම අපගේ වගකීමයි.
    පත්කළ කමිටු 04 ම සෑම පලාතකටම ගොස් ඉදිරි මාස කීපය තුළ රැස්වී ජනතාව වෙනුවෙන් ග්‍රාමීයව සංවර්ධනය විය යුතු විෂයයන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මේ හරහා කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල අමාත්‍යවරුන් හා නිලධාරීන් ඒ ඒ පලාතේ ජනතාවගේ ප්‍රශ්ණ හා ගැටලු පිළිබද සොයා බලා ඒවා අවම කිරීම සදහා සුදුසු ක්‍රමවේදයන් සකස් කර අංශ ගණනාවක් ඔස්සේ අති විශාල සංවර්ධන වැඩ සටහන් රැසක් ඉදිරි වර්ෂ කීපය තුළ ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.
    මෙම අවස්ථාවට "සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව"ට අදාළ සෙසු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ප්‍රධානීන්, නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya