මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    321 දෙනෙකු රාජ්‍ය සේවයට බදවා ගැනේ

    ඔක්තෝබර් 27, 2020

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව බහු කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් 321 දෙනෙකු රාජ්‍ය සේවයට බදවා ගැනේ.

    සාමාන්‍ය පෙළ අසමත් අයවලුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සි‍ටුවීම මෙම වැඩසටහනේ අරමුණයි. බදවා ගැනීමෙන් පසු අවශ්‍ය පුහුණුව සුදුසු පරිදි ලබාදී පත්වීම්ලාභීන් එලදායි සේවකයන් ලෙස විවිධ ආයතන වලට අනුයුක්ත කිරීමට නියමිතව ඇත.


    වාරියපොල ආසනයේ පලමු කණ්ඩායම ලෙස 321 දෙනෙකුට ඒ යටතේ පත්වීම් ලිපි ප්‍රදානය පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා අතින් වාරියපොල ශ්‍රී.ල.පො.පෙරමුණු පක්ෂ කාර්යාලයේදී සිදු කෙරිනි.


    වාරියපොල ප්‍රාදේශීය සභා සභාපති, ගල්ගමුව ප්‍රා.සභා උප සභාපති ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya