මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට ගිය අය PCR කර ගන්න - යුද හමුදාපති

    ඔක්තෝබර් 23, 2020

    ඔබ පසුගිය දින හත තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ මේ දක්වා නිරෝධායනයට යොමු නොවූ අයෙකු නම් තමන් විසින් සවයං නිරෝධායනයකට ලක් වීම හෝ ළඟම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ගැනීමට කටයුතු සළසා ගන්නා මෙන් යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

    පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීරණයේ කොවිඩ් 19 ආසාදිතයන් හා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම සඳහා ඊයේ(22) පැවති මාධ්‍ය හමුව අතරතුරදී යුද හමුදාපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළේ ය

    පොදු මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නිරෝධායන ඇදිරි නීතිය හා හුදෙකලා කිරීම් සිදුකර ඇති බැවින් එම ප්‍රදේශ වල ජීවත්වන සියලු දෙනා එයට අනුගත වෙමින් කටයුතු කරමින් නිරෝධායනය හෝ නිවෙස් වලට වී රැඳී සිටින ලෙසට යුද හමුදාපතිවරයා තවදුරටත් ඉල්ලා සිටියේ ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya