අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තරුණ අනාගතය සහ බහුපාර්ශවිකත්වය පිළිබඳ 75 වසර සමරයි

    ඔක්තෝබර් 23, 2020

    මාධ්‍ය නිවේදනය

    ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තරුණ අනාගතය සහ බහුපාර්ශවිකත්වය පිළිබඳ 75 වසර සමරයි


    අග්‍රාමාත්‍ය තුමා සහ විදේශකටයුතු පිළිබඳ අමාත්‍යතුමා මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය

    2020 වර්ෂයේ දී සිය 75 වන සංවත්සරය සමරන එක්සත් ජාතීන්ගේ සංවිධානය UN75 ගෝලීය විවාදය අරඹයි. අපට ඇවැසි අනාගතය ගොඩනැගීම සම්බන්ධයෙන් ලොව පුරා මෙතෙක් පැවති විශාලතම හා වැඩිම දුරකට පැතිරුණු සංවාදය බවට පත්වීම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් දියත් කරන ලද UN75 හි අරමුණයි. සවන් දීම සහ ඉගෙනීම ,ප්‍රතිචාර දැක්වීම සහ පුද්ගලයින් හා ඡන්දදායකයින් සමඟ හැකි තරම් සම්බන්ධ වීම මගින් එක්සත් ජාතීන් පිළිබඳවම සංවාදයක් ඇරඹීමට ද මෙම ගෝලීය කර්තව්‍ය අවස්ථාවක් වනු ඇත.

    “එක්ව ගොඩනගමු අනාගතය අපේ “ යන ගෝලීය තේමාවට නැඹුරුවෙමින් සැබැවින්ම ඔක්තෝබර් 23 වන දින සමරනු ලබන ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ දිනය COVID-19 වසංගතයෙන් මිදී යථා තත්ත්වයට පත්වවෙමින් සිටින ලෝකය සඳහා ගෝලීය සහයෝගීතාවයේත් නව්‍ය විසඳුම්වලත් ඇති වැදගත්කම ඉස්මතු කරයි. යථා තත්ත්වයට පත්වෙමින් තිරසාර අනාගතයක් කරා යන ගමනේ තරුණ පරපුරේ දායකත්වය තීරණාත්මක වැදගත්කමක් උසුලන අතර ඔවුන්ගේ ශක්තිය, උද්යෝගය සහ නව්‍යකරණයන් උපයෝගී කරගෙන වඩා හොඳ ලෝකයක් ගොඩනැගීම සිදුකළ යුතුය.

    ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශකටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය
    වැඩසටහනේ එක් අංගයක් ලෙස ‘COVID-19 යථා තත්ත්වයට පත් කිරීම සඳහා බහුපාර්ශ්වික සහයෝගීතාව උපයෝගී කර ගැනීමේදී තරුණපරපුරේ කාර්යභාරය’ සම්බන්ධයෙන් උසස් මට්ටමේ UN75 සංවාදයක් පළපුරුදු නායකයන් සහ ලංකාවේ තරුණ බලපෑම්කරුවන් එක්ව සිදුකරනු ඇත. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් විසින් මෙහෙයවනු ලබන මෙම මෙම සාකච්ඡාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු. නාමල් රාජපක්ෂ මහතා සමඟ තිරසාර සංවර්ධන අරමුණු පිළිබඳ අධ්‍යයන හා උපදේශක ආචාර්ය බුද්ධීමා සිනසිංහ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ෂදිකා වසීර් සහ ක්‍රියාකාරිකයකු සහ ඩිජිටල් කතාකරුවකු වන බෙනිස්ලොස් තුෂාන් ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොලඹගේ, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්ත සභාපති දිල්හාන් ප්‍රනාන්දු, සර්වෝදය මහලේකම් ආචාර්ය වින්යා ආරියරත්න, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂණ ආර්ථිකවිද්‍යාඥ කිත්මිනා හෙවාගේ, හැෂ් ටැග් පරම්පරාවේ සම නිර්මාතෘ මහීෂා බල්රාජ් UDecide හි නිර්මාතෘ සරනි ගුණතිලක සහ තරුණ හා සාම ක්‍රියාකාරිනියක වන අනෝජිත සිවස්කරන් ද එක්වනු ඇත.


    ඔක්තෝබර් 23 වන දින සවස 4 සිට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුවේ සජීවී විකාශය හරහා ප්‍රේක්ෂකයින්ගේ මාර්ගගත අදහස් සහ සාකච්ඡා සඳහා සංවාදය විවෘත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya