අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුවේ ගමනට බාධාවක් ඇති නොකරමින් 20 වන සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දෙනවා- අමාත්‍ය මහින්ද අමරවීර

    ඔක්තෝබර් 22, 2020

    ආණ්ඩුවේ ගමනට බාධාවක් ඇති නොකරමින් 20 වන සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. 20 වන සංශෝධන පාර්ලිමේන්තු විවාදයේ දෙවන දින විවාදයට එක්වේමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ඒ වෙනුවෙන් කමිටුවක් පිහිටුවා ඇති බවත් පක්ෂ, විපක්ෂ මෙන්ම රටේ විවිධ පාර්ශවයන්ගේ අදහස් සහ යෝජනා ඒ සඳහා ඉදිරිපත් කළ හැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, තමා එම ක්‍රමවේදය පිළිබඳව පෞද්ගලිකවම සතුටු වන බවද කීය. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියල්ලන්ම සහා සියළු පුරවැසියන් එක්ව වසර 5ට 10ට නොව දීර්ගකාලීනව ක්‍රියාත්මක කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළයුතු බවද අමාත්‍යවරයා කීය.

     

    මනාප ඡන්ද ක්‍රමයක් නැති නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම පිළිබඳව සියළු දෙනා ඉල්ලීම් කරන බවද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් එය සම්පූර්ණ කර ගත හැකි වේ යැයි තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya