අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට ගැළපෙන මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ප්‍රතිමූර්තිමත් කරන නව ව්‍යවස්ථාව නුදුරු අනාගතයේදීම ගෙන එනවා

    ඔක්තෝබර් 22, 2020

    රටට ගැළපෙන මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ප්‍රතිමූර්තිමත් කරන නව ව්‍යවස්ථාව නුදුරු අනාගතයේදීම ගෙන එන බව බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අද(22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

     

    20 වන සංශෝධන පාර්ලිමේන්තු විවාදයේ දෙවන දින විවාදයට එක්වේමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඉතිහාසයේ ප්‍රථම වතාවට සමානුපාතික ක්‍රමය යටතේ 2/3 බලයක් ලබා දෙමින් 19වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනතාව ඡන්දය ලබා දුන් බවද කෙටි කාලීනව 19 වන සශෝධනය අහෝසි කිරීමට සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වත්මන් රජය බලයට ආ බවත් පැවසූ අමාත්‍යවරයා 19 වන ව්‍යවස්ථාවේ පවත්නා තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම වැනි සාධනීය ලක්ෂණ රැක ගැනීම වෙනුවෙන්ද රජය පෙනී සිටින බවද අමාත්‍යවරයා කීය.

    පසුගිය වසර 4 ½ තුළ 19 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට,අගමැතිවරයාට සහ කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාවට බලය හිමි වූ අතර ආණ්ඩු 3ක් යටතේ තුන් දෙනා තුන්පැත්තට ඇදීම නිසා රට එක තැන පල් වූ යුගයක් පැවති බවද ගම්මන්පිල අමාත්‍යවරයා කීය. 2015 සිට 2019 දක්වා කාලය තුළ මේ රටේ සිදු වූයේ එය බවත් ජාතික ආරක්ෂාව සහ රටේ ආර්ථිකය කඩා වැටුණු බවත් මත් කුඩු ජාවාරම රජ වෙමින් රට බිඳ වැටුණු බවත් එයට හේතුව හිටපු ජනාධිපතිවරයාගේ සහ හිටපු අගමැතිවරයා අතර ගැටුම බවත් පැවසූ අමාත්‍යවරයා අද පාස්කු කොමිසමේදී එළි වන්නේ එය බවද සඳහන් කළේය.

    ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 05කට සීමා කිරීම,පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 05කට සීමා කිරීම ජනාධිපතිවරයාට ධූරය දැරිය හැකි කාල සීමාව වසර 02කට සීමා කිරීම යන කාරණා එම කෙටුම්පතට ඇතුලත් කළ බවත් අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමේ වගන්තියද එම කෙටුම්පතට ඇතුළත් කිරිමට කටයුතු කල බවද අමාත්‍යවරයා කීය.

    මීට අමතරව තවත් හරයාත්මක සංශෝධන 05ක් ඇතුලත් කළ බවත් මැතිවරණ කොමිසමේ ඉල්ලීම පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වාතාවරණයක් සකස් කිරීම ජනාධිපතිවරයාගේ වගකීමකි ; ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර 2 1/2 ට පසුයි ; රට නොබෙදෙන දිවුරුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළය යන කාරණය සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් 03 සිට 05 දක්වා වැඩි කිරීම; ජනාධිපති කාර්යාලය,අගමැති කාර්යාලය සහ කොමිෂන් සභා විගනණාධිපතිගේ විගනණයට ලක් විය යුතුය යන කාරණා යන කාරණා නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් තව දුරටත් 20 වන සංශෝධනය කළ බවද අමාත්‍යවරයා කීය

    තවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයකට යා යුතුයි යනුවෙන් සඳහන් කළ තවත් කරුණු 02ක් වූ ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකිය යන කාරණය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම ඉදිරිපත් කරනවිධානයන් කඩ කරන නිලධාරින්ට එරෙහිව නඩු පැවරිය හැකිය යන කාරණා ඒ අයුරින්ම
    පවත්වාගෙන යා යුතුය යන තීරණයට රජය එළඹි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    අවසානයේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ කාරණා 04ක් පමණක් ඉතිරි වු බවත් එයින් හදිසි පනත් සම්මත කර ගැනීම; රාජ්‍ය සමාගම් විගණනයට යටත් කිරීම;ඇමතිවරු සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඉවත් කිරීම හා ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධූර දැරීමේ අවස්ථාව ලබා දීම යන කාරණා 04අතරින් මුල් කාරණ 03 ඒ අයුරින්ම පවත්වා ගැනීමට පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණයකට එළැඹි බවද අපට විසඳ ගැනීමට තිබූ එකම කාරණය වූයේ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධූර දැරීමේ අවස්ථාව ලබා දීම යන කාරණය පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya