අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීම

    ඔක්තෝබර් 22, 2020

    කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස නැවත දැනුම් දෙන තෙක් අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් තාවකාලිකව අත්හිටුවා මහජනතාවගේ එක්රැස් වීම සීමා කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය, නැවත දැනුම් දෙන තෙක් අපනයන ලේඛන සහතික කිරීම සඳහා එම අංශයට පැමිණෙන අපනයනකරුවන් ඇතුළු අමුත්තන් සඳහා වසා තබනු ඇත. නැවත දැනුම් දෙන තෙක්, මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල දෙකෙන් ද ලේඛන සහතික කිරීමේ සේවා ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න.

    විදේශයන්හි දී සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ හා ඊට සම්බන්ධ ලියකියවිලි සහාය පිළිබඳ විමසීම් සඳහා කරුණාකර පහත සඳහන් අංක අමතන්න;

    දුරකථන අංක: 0776032252, 0773586433, 0718415623 සහ 0701428246

     විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    ෆැක්ස් අංකය: 0112446091/0112333450

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya