අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරසර පනතින් පරිසරයට හනි කරන්නට එරෙහිවදඬුවම් ඉහළට- අමාත්‍ය මහින්ද අමරවීර

    ඔක්තෝබර් 18, 2020

    පරිසර පනත සංශෝධනය මගින් පරිසරයට හානි කරන්නහට ලබා දෙන දඬුවම් දහ ගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    අද(17) දින බොල්ගොඩ ජලාශය අවට ඉදිකර තිබෙන අනවසර ඉදිකිරිම් සහ පරිසර හානි සොයා බැලීමට ඇමතිවරයා නිරික්ෂණ චාරිකාවක නිරත වු අවස්ථාවේ දි මේ බව ප්‍රකාශ කළේය.

    මේ වන විට හෙළි වී ඇති කරුණු අනුව බොල්ගොඩ ජලාශය අවට ඉදිකර ඉදිකිරීම් වලින් සියයට 90කටත් වඩා පරිසර අනුමැතියක් නොමැති බවට වාර්තා වී ඇතැයි ඇමතිවරයා සදහන් කළේය.

    එමෙන්ම පරිසර පනත යටතේ දැනට ඇති ප්‍රතිපාදන කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් ඒ සදහා කැබිනට් පත්‍රිකාව මේ වන විටත් අනුමැතියට ඉදිරිපත් කර තිබෙන බව කීය.මෙය නීතිපති වරයා වෙත ඉදිරිපත් කර එම සංශෝධන කඩිනට් කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ මෙරට ගංගා 103 ක් සංරක්ෂණ කිරීමට යෝජිත අතර ගංගාධාර හානි කරවන විනාශ කරන කවුරුන් වුවද තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් පසුබට නොවන බවද ඇමතිවරයා කීය.අනවසරයෙන් බොල්ගොඩ ජලාශය අවට පදිංචි සියලු දෙනා ඉවත් කිරීමට හා ඔවුන්ට පදිංචි වීමට සුදුසු ඉඩම් ලබා ලබා රජය වශයෙන් කටයුතු කරන බවද හෙතෙම කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya