අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දින පණිවිඩය

    ඔක්තෝබර් 17, 2020

    සංවර්ධනයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනතාවගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය ඔක්තෝබර් 17 වන දින ලෝකය පුරා සමරනු ලබයි.


    1987 ඔක්තෝබර් 17 දා දරිද්‍රතාවයට එරෙහි ලෝක කම්කරු දිනයක් පැරීසියේ සමරනු ලැබීය. එහිදී ලෝක ජනගහනයෙන් දිළිඳුබවක් දක්වන, දිළිඳුබවට ගොඳුරු වී ඇති හා අනෙකුත් දරිද්‍රතා ගැටළු පිළිබඳව අවධානය යොමු වූ අතර දරිද්‍රතාවයේ ගැටලු පිළිබඳව සිහිපත් කරමින් සෑම වසරකම එම රැස්වීම පැවැත්විණි.


    දරිද්‍රතාවය යනු මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව එහිදී ප්‍රකාශයට පත් කළ අතර එතැන් පටන් දරිද්‍රතාවයේ රැළිය සිහිවීම පිණිස ස්මාරකයක් ද ගොඩනැගුණි. පසුකාලීකව විවිධ රටවල ඊට සමාන ස්මාරක ගොඩනැගුණු අතර ඒවා කේන්ද්‍ර කර ගනිමින් සෑම වසරකම දරිද්‍රතාවය තුරන් කිරීමේ අරගලය සඳහා දිනයක් වෙන්විය. පසුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර දිනය 1992 ඔක්තෝබර් මස 22 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.


    ආර්ථික විද්‍යාත්මක විග්‍රහයට අනුව, බොහෝවිට දිළිඳුකම වටහාගන්නේ ආදායම් අඩුකම නිසා ජිවන මාර්ගයක් නොමැති වීමෙන් ඇති වූ ප්‍රතිඵලයක් වශයෙනි. එනම් ජනතාවගේ ද්‍රව්‍යාත්මක යහපැවැත්ම සහතික වන අයුරින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා වන ආහාරපාන, ඇදුම්පැළඳුම්, බේත්හේත්, අධ්‍යාපනය වැනි දෑ මිලදී ගත හැකි ආකාරයට ආදායමක් උපයා ගැනීමට හැකියාවක් නොමැතිවීමයි.


    රටේ දරිද්‍රතාවය අඩුවන පරිදි අප රජය සියලුම අංශයන්හි සංවර්ධන පැතිකඩයන් නව මාවතක් ඔස්සේ රැගෙන එමින් රට තුළ බිහි කළ අධිවේගී මාර්ගයන්, මං මාවත්, දේශීයකර්මාන්තකරුවා හා දේශීය ගොවියා පණගැන්වීම තුළ ගම සහ නගරය අතර තුලනය සමනය විය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේද අප පණ ගන්වනු ලබන්නේ දේශීයත්වයයි. දේශීය නිෂ්පාදන නඟා සිටුවීම, රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ හා කර්මාන්ත හා සේවා අංශයේ නඟාසිටුවීම තුළින් රටේ ඵලදායිතාව ඉහළ යනු ඇත.


    කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ අහිතකර ආර්ථික ප්‍රතිඵල හේතුවෙන් ගෝලීය දරිද්‍රතාව ඉහළ යෑම 2030 වන විට දරිද්‍රතාවය තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයට සැබෑ අභියෝගයකි. ලොවපුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා සමාජයීය අභියෝග සහ ඉඩප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමෙන්ද දරිද්‍රතාවය තුරන් කිරීමේ වගකීම අපසතුය.


    අනාගත සෞභාග්‍යය උදාකර ගැනීමට නම් ආදායම් හිඟයට විසදුම් ලබා දිය හැකි වඩාත් තරගකාරී හා සියලු දෙනා ඇතුළත් ආර්ථිකයක් සකස්කර ගැනීම අතවශ්‍යය. ඒ සඳහා රජයක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ගයන් අප රජය යටතේ ගන්නා බව දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරනු ලබන අද දිනයේ අවධාරණය කරමි.


    මහින්ද රාජපක්ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya