මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන ඇදිරි නීතිය පවත්නා ප්‍රදේශවල හෙට (17) සහ අනිද්දා (19) වෙළඳ සැල් හා ඖෂධ සැල් විවෘතව තැබීමට අවසර නැත- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    ඔක්තෝබර් 16, 2020

    නිරෝධායන ඇදිරි නීතිය පවත්නා ප්‍රදේශවල හෙට (17) සහ අනිද්දා (19) වෙළඳ සැල් හා ඖෂධ සැල් විවෘතව තැබීමට අවසර නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්
    රෝහණ මහතා පවසයි.

     නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් පොලිස් වසම් 19ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

    එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයන් 25 දෙනෙකු පමණ ඇදිරිනීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුව සංඛ්‍යාව 167ක් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

    එමෙන්ම වාහන 40ක් පොලිස් භාරයට ගෙන ඇති අතර ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ වෙනත් වාහන ඒ අතර වෙයි. නිරෝධායන ඇදිරිනීතියට ගරුකරමින් කටයුතු කරන ලෙස මෙම අවස්ථාවේදී විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වල අද උදෑසන 08 සිට රාත්‍රී 10 දක්වා පැය 14ක කාලයක් සදහා ඖෂධ වෙළදසැල් සහ ආහාර සපයන වෙළදසැල් විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවද සදහන් කළේය.

    සෞඛ්‍ය පිළිවෙත් වලට අනුගත වෙමින් එම වෙළදසැල් විවෘත කරන ලෙස ඉල්ලා සිටින අතරම, සති අන්තයේ එනම් හෙට සහ අනිද්දා යන දෙදින ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල වෙළදසැල් විවෘත කිරීමට අවස්ථාව ලබානොදෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya