අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් රටේ ජනතාව ආරක්ෂා කොටගෙන සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාම රජයේ අරමුණයි-රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

    ඔක්තෝබර් 16, 2020

    කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කොටගෙන රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ, (15) දින කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරමිණි.

    ආසියනු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන් ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 5 ක් සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 162 ක මුදලක් වෙන් කර තිබේ.

    මේ යටතේ කෙලෙස්ගමුව, වෙනිවැල්පිටිය හා ලෙනවර තිබ්බටුගොඩ යන මාර්ග කාපට් අතුරා සංවර්ධනය කරනු ලැබේ.

     මෙහිදී අදහස් දැකවූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

    යහපාලන රජය විසින් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ආරම්භ කළ මාර්ග කිලෝ මීටර් 790 ක් අතරමග නතර වෙලා තිබුණා. එයින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නෙ කළුතර දිස්ත්‍රික්කයේ. නීතිපති දෙපාර්තුමේන්තුවෙන් උපදෙස් දීලා තියෙනවා එම මාර්ග සදහා යළි ටෙන්ඩර් කැදවලා ඉදිකිරීම් ආරම්භ කරන්න කියලා. ඒ අනුව ඉදිරි මාස දෙක ඇතුළත එම මාර්ග වල ඉදිකිරීම් ආරම්භ කරනවා.

    ලංකාවපූර පවතින ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට නව ග්‍රාමීය පාලම් ඉදිකිරීම සදහා යෝජනා 9,000 ක් පමණ මේ වන විට අමාත්‍යාංශය වෙත ලැබී තියෙනවා. ඒවා ප්‍රමුඛතා ගත කොට ඉදිරි අවුරුදු හතරක කාලය තුළ ඉදිකිරීම රජයේ අරමුණයි. අපි දෙසැම්බර් මසයේ පළමු වෙනිදා ලංකාවේ සෑම ආසනයකම පාලම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

    කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ඉලක්කය සාර්ථක කර ගැනීමට ලබන වසරේ කිලෝ මීටර් 30,000 ක් ඉදිකිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

     මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා, i road ව්‍යාපෘති අධ්‍යක්ෂක ජෙනිෆා වීරකොන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya