අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයන් 52612ක් නිරෝධායනය අවසන් කරයි- විදේශයෙන් පැමිණි තවත් 34ක් නිරෝධායනයට

    ඔක්තෝබර් 15, 2020

    කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් නිරෝධායනය වූ පුදගලයන් 52612ක් මේ වනවිට නිරෝධායනය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     

    එමෙන් ම අද (15) වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 88ක පුද්ගලයන් 9703ක් නිරෝධායනය වෙමින් සිටියි. අද (15) දින තම නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයන් 254ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතය. තවද අද උදෑසන දෝහා කටාර් සිට පැමිණි පුද්ගලයන් 34ක් යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථන වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya