අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොරණ පානීය ජල සැපයුම් සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්

    ඔක්තෝබර් 14, 2020

    නව රජයේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන රටටම පානීය ජලය ලබාදීමේ ජාතික සැලැස්ම අනුව 2021 - 2025 කලුතර දිස්ත්‍රික්කයේ හොරණ ආසනයේ පානීය ජල සැපයුම් සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උරුමය පිළිබද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් ජල සම්පාදන අමාත්‍යාංශයේ දී  පැවැත්විණි.

    නැගෙනහිර කොළඹ ජල සම්පාදන ව්‍යාපෘතියෙන් ජලය ලබා ගෙන 2021 දී මොරගහහේනට පානීය ජලය ලබා දීම සහ මධ්‍ය පරිමාණයේ ජල සම්පාදන ව්‍යාපෘති තුලින් සල්මල් උයන, හදපාන්ගොඩ, වව්ලුගල යන ප්‍රදේශයන්ට පානීය ජලය ලබා දීමට සැලසුම් සැකසීම, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කදන ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ 2025 වන විට හොරණ ආසනය ආවරණය වන පරිදි ජල සම්පාදන ලබා දීම පිළිබද වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කරන ලදි.

    හොරණ ප්‍රදේශීය සභාවේ සභාපති අශෝක රණතුංග, උප සභාපති දිලීප් විරක්කොඩි, බුලත්සිංහල හිටපු සභාපති තුසිත කුලරත්න, ජල සම්පාදන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් සැලසුම් එම්.එස්. බණ්ඩාර, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සි.සි.එච්.එස්. ප්‍රනාන්දු, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සරත් රණසිංහ, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික යන මහත්වරු ඇතුලු ජල සම්පාදන අමාත්‍යාංශයේ හා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya