අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්ඡාවක්

    ඔක්තෝබර් 13, 2020

    දැනට පවතින කොවිඩ්- 19 රෝගී තත්ත්වය හේතුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම හා කටුනායක වෙළෙද කළාප සහ දිවයින පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේ දී උද්ගත වී ඇති ගැටළු වලට විසදුම් ලබාදීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව නිමි ඇදුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටළු වලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් අද දින (13) රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.

    මෙම සාකච්ඡාවේ දී අනාවරණය වූ කරුණු අනුව නිමි ඇඳුම් කර්මාන්ත ශාලා තුල සේවයේ නියුතු කාර්ය මණ්ඩල නවාතැන් ගෙන සිටින ස්ථාන පිළිබදව විශේෂ සැළකිල්ලක් දැක්විය යුතු බව අවධාරණය කරන ලදි. එමෙන්ම මේ වනවිටත් සෞඛ්‍ය අංශ වලින් ලබාදී ඇති මුව ආවරණ පැළැදීම, එකිනෙකා අතර දුරස්ථභාවය තබා ගැනීම, දිනකට තෙවරක් ශරීර උෂ්ණත්වය මැන බැලීම මූලිකවම සිදු කළ යුතු බවට උපදෙස් ලබාදෙන ලදි.

    යම්සේවකයෙකු උණ තත්ත්වයකින් හෝ වෙනයම් ආසාත්මිකතාවයකින් පසු වුවහොත් ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන ලෙස ද දැනුවත් කරන ලදි. එමෙන්ම සති දෙකකට වරක් සේවකයින් PCR පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කරන ලෙසත්, සෑම සේවකයෙකුගේම ස්ථීර ලිපිනය ලබාගැනීමට කටයුතු කරන ලෙසත් නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුුවත් කිරීමට මෙහිදී පියවර ගන්නා ලදි. එමෙන්ම පවතින කොවිඩ් -19 රෝගී තත්ත්වය හමුවේ නිමි ඇදුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අදාලවම විශේෂිත වූ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සැකසීමට ද මෙහිදී තීරණය කරන ලදි.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා. වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා, නිමි ඇදුම් කර්මාන්ත ශාලා හිමියන් සහ එම කර්මාන්ත ශාලා පරිපාලනය කරනු ලබන නිලධාරීන් පිරිස් සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya