මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිඹුරත්තෑව ඇල පාලම අසල සිට උඩ බමුණු කොටුව දක්වාවූ මාර්ගය සංවර්ධනය කිරීම ඇරඹෙයි

    ඔක්තෝබර් 13, 2020

    දිවයින පුරා මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ සංවර්ධන වැඩසටහන යටතේ, ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී ( 12) පිඹුරත්තෑව ඇල පාලම අසල සිට උඩ බමුණු කොටුව දක්වාවූ මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කෙරිණි.

     එහිදී රාජ්‍ය අමාත්‍යතුමන් මෙසේ අදහස් දැක්වීය.

    ''සමාජයක සංවර්ධනය ලෙස අපේක්ෂා කරන ප්‍රධාන වටිනාකමක් (Core Value) වන්නේ , ජීවන පැවැත්ම  පිළිබඳව ඇති ස්ථාවර බව( Life Sustenance)යි.

    මේ සදහා එම සමාජ සංස්ථාව තුළ ජනතාවට පරිහරණය කළ හැකි සහ ජනතාවට එදිනෙදා ජීවිතය පහසු කරවන යටිතල පහසුකම්ද මූලික වෙනවා.එහිදී ත් මාර්ග සංවර්ධනයත් මූලික වෙනවා. මේ තත්වය මනාව තේරුම් ගත් රජයක් විදියට ජනාධිපතිතුමන් ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කරන බව ප්‍රකාශ සිටියේ සියළු මැතිවරණ වලට පෙර සිටයි. එම ජනතා අභිලාෂය කඩිනමින් ඉටු කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය නොවූ මාර්ග කඩිනමින් සංවර්ධන කිරීම අප ආරම්භ කළා යැයි පැවසීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya