අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      "ආයු +" ව්‍යාපෘතිය” හෙට එළිදැක්වෙයි

    ඔක්තෝබර් 13, 2020

    සමාජ මාධ්‍ය වන මුහුණු පොත ඇතුලු අනෙකුත් සමාජ මාධ්‍ය ක්‍රම ඔස්සේ පිළිකා මර්ධනය හා වැලැක්වීම පිළිබද නිර්මාණාත්මක දැනුවත් කිරීමේ පණිවුඩ ජනතාව අතරට ගෙනයාම අරමුණු කර ගත් "ආයු +" ව්‍යාපෘතිය එළිදැක්වීම හෙට දින 14 දින පෙරවරු 10.00 ට නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    සමාජ මාධ්‍ය ඉලක්ක කරගත් මෙම ව්‍යාපෘතිය පිළිකා මර්ධනය හා පාලනය සදහා ගනු ලබන සුවිශේෂී පියවරක් වන අතර, තරුණ, මහලු හා සියලුම ජන කොටස් ඉතා කෙටි කලක් තුල දැනුවත් කිරීමේ පහසුව මෙමගින් ඇති වේ. එමෙන්ම ජනතාව තුල ආකල්ප වෙනසක් ඇති කරමින් නව ජීවන රටාවකට යොමු කරවීම හා නව චින්තනයක් ඇතිකරවීම කෙරෙහි අවධානය යොමු කරවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya