අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඟලුම් කර්මාන්ත ආයතනයේ කොවිඩ් තත්ත්වය ගැන පරික්ෂා කිරීමට කම්කරු අමාත්‍යවරයාගෙන් කමිටුවක්

    ඔක්තෝබර් 13, 2020

    දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ආයතනයේ කොරෝනා ගැටලුව සම්බන්ධයෙන් හා එම රෝගය ඇතිවිම සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇතැයි අද(13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා සඳහන් කළේ,මෙම කමිටුව මඟින් මේ සම්බන්ධයෙන් මූලයන් සොයා ගැනිමට හැකි වෙතැයි බලාපොරෝත්තු වන බවයි.

    දැනට වාර්තා වන අන්දමට මෙම සියලු ආසාදිතයින් මිනුවන්ගොඩ කොයිඩ් පොකුරට සම්බන්ධයක් පවතින බවත්,එසේම මේ වනවිට රජය මේ වෙනුවෙන් විශාල කැපකිරිමක් කරන බවත්, දිනකට පී.සී ආර් පරික්ෂණ 7000ක් පමණ සිදු කරන බවත් කීය.

    එසේම ,රජයේ රෝහල්වල ආසාදිතයින්ට ප්‍රතිකාර සළසා දෙමින් රජය ලෙසින් මෙම කටයුත්ත මනාසේ කළමණාකරණයක් සිදු කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය..

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya