අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      සායනික රෝගීන් සඳහා ඖෂධ සැපයීම අද සිට

    ඔක්තෝබර් 13, 2020

    රජයේ රෝහල් සායන වලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සකස් කර ඇත. පළමු පියවර ලෙස අද සිට ( 13) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුල ඇති රෝහල වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබා දීම ආරම්භ කෙරේ.

    මෙම ඖෂධරෝගියා වෙත ගෙනැවිත් ලබා දීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය හා දුරකතන අංකය ලබාදීම අවශ්‍ය වේ. තමන්ගේ සායනික පොත සමඟ නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම්, දුරකතනය මගින් ඔබ බෙහෙත් ගන්නා රෝහලට ඇමතුමක් ලබා දී තොරතුරු යාවත්කාලීන කරන්න. එවිට ඔබේ රෝහලේ කාර්යය මණ්ඩලය ඔබේ බෙහෙත් පැකට්ටුව සකස් කර ලිපිනය, දුරකථන අංකය සඳහන් කර,තැපැල් කාර්යාලයට බාරදෙන අතර ලියුම් බෙදන නිළධාරියා මගින් ඔබගේ නිවසට ගෙනැවිත් බාරදෙනු ඇත.

     

    රෝහල වෙත තොරතුරු සැපයීමේදී ඔබ ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී, ග්‍රාම නිළධාරීගේද සහය ලබා ගැනීම සුදුසු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya