අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් බියකින් තොර ව ශිෂ්‍යත්ව විභාගයට එවන්න- අධ්‍යාපන අමාත්‍ය

    ඔක්තෝබර් 11, 2020

    දරුවන් බියකින් තොර ව ශිෂ්‍යත්ව විභාගයට එවන ලේසත් සියලු සෞඛ්‍ය විධිවිධානවලට අනුකූල වෙමින් සහ මහජන ආරක්ෂාවට කිසිදු හානියක් සිදු නොවන පරිදි මේ වැඩකටයුතු සංවිධානය කරන්නට අපට හැකියාව ලැබුණු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, නගර සභා ඇතුළු සියලු ම පළාත් පාලන ආයතන 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු සෞඛ්‍යාරක්ෂිත ව සිදු කර අවසන්. විශේෂයෙන් ම සෞඛ්‍ය අමාත්‍යතුමිය, අප අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, වෛද්‍ය සීතා අරඹේපොළ, විජිත් බේරුගොඩ සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු සියලු ම කාර්ය මණ්ඩලය විශේෂයෙන් ම රට වටා විභාග මධ්‍යස්ථානවලට පෞද්ගලිකව ම ගොස් මේ සියල්ල පරීක්ෂා කළා. මේ සියලු දෙනාගේ ම දැඩි කැපවීම සහ උත්සහය මත හෙට දින 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථක ව පවත්වාගෙන යාමට හැකිවෙනවා'' යනුවෙනේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා 

    පැවසූයේ, 10වැනි දින මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ සැකසෙමින් පවතින 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානය පරීක්ෂා කිරිම සඳහා සහභාගී වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    මේ විභාගය පැවැත්වීම සම්බන්ධ ව රට පුරා ම විශාල උනන්දුවක් පැවතුණා. දෙමාපියන් මෙන් ම දූ දරුවන් ද එය පැවැත්වීම සම්බන්ධව බලාපොරොත්තු තබාගෙන සිටියා. විභාගය කල් දැමීමෙන් සිදු වන්නේ ඒ දරුවන්ගේ ධෛර්යය සම්පූර්ණයෙන් ම බිඳ දැමීම. ඒ නිසා ම සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ ඒ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ මෙන් ම රාජ්‍ය නිලධාරීන්ගේ ද කැපවීම මත මේ කටයුත්ත සැලසුම් කරන්නට අපිට හැකියාව ලැබුණා. මේ පවතින සෞඛ්‍ය ගැටලු හමුවේ මෙවැනි විභාගයක් පැවැත්වීම රජයක් වශයෙන් දැඩි අභියෝගයක්. නමුත් සියලු සෞඛ්‍ය විධිවිධානවලට අනුකූල වෙමින් සහ මහජන ආරක්ෂාවට කිසිදු හානියක් සිදු නොවන පරිදි මේ වැඩකටයුතු සංවිධානය කරන්නට අපට හැකියාව ලැබුණා. ඒ සියලු දෙනාට ස්තූතිය පුද කරන්නට ත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

    එමෙන් ම දුම්රිය, බස් ආදී ප්‍රවාහන කටයුතු ද ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවලට අදාළ ව විශේෂිත විධිවිධාන අප යොදා තිබෙනවා. ඒ අයට එම ප්‍රදේශවල ම විභාගවලට පෙනී සිටින්නට පුළුවන්. එමෙන් ම සිසුන් අතර මීටර් 1 ½ක පරතරයක් තබා ආසන සකසා තිබෙනවා. අවශ්‍ය සියලු සෞඛ්‍ය විධිවිධාන ගැටලුවකින් තොර ව සැලසුම් කොට තිබෙනවා. මේ සම්බන්ධ ව දිවා රෑ නොබලා දරුවන් වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට ම ස්තූතිවන්ත වෙනවා. යනුවෙන් ද පැවසී ය.

     

    මේ අවස්ථාව සඳහා විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා, අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් නලීන් ගම්ලත් මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර ඇතුළු මහත්වරුන් පිරිසක් ද එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya