අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජනාවාස දින පණිවිඩය

    ඔක්තෝබර් 05, 2020

    ලෝක ජනාවාස දින පණිවිඩය

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 1985 වසරේ වාර්ෂික සැසිවාරයේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවකට අනුව 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස 5 වන දින ලෝක ජනාවාස දිනය (World Habitat Day) වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබේ. මෙහි අරමුණ වූයේ සෑම දෙනෙකුටම ජීවත් වීම සඳහා සුදුසු නිවහනක් ලැබිය යුතුය අදහස ප්‍රචලිත කිරීමය.

    සෑම වර්ෂයකම විශේෂිත වූ තේමාවක් යටතේ ලෝක ජනාවාස දිනය සමරනු ලබන අතර මෙවර තේමාව වනුයේ “සැමට සුවපහසු නිවසක් – සතුට සපිරි නගරයක්” (Housing for All : A Better Urban Future) යන්නයි.

    ලෝක ජනාවාස දිනය එක් දිනකට, සතියකට හෝ මසකට පමණක් සීමා නොකර, එය යථාර්තයක් බවට පත් කිරීම හා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට සමඟාමීව එහි ප්‍රතිඵල ජනතාව වෙත ලබා දීමට අප රජයක් ලෙස කටයුතු කළ යුතුය. ඒ සඳහා නිවාස විෂයභාර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන නිරන්තරයෙන් විශාල කාර්යයභාරයක් සිදු කරනු ලැබීම රජයක් ලෙස ලැබිය හැකි ජයග්‍රහණයකි.

    රටක ජනතාවට වඩාත් යහපත් අනාගතයක් හිමිවිය යුතුය. එසේම, රටේ පුරවැසියන් සෑම දෙනෙකුටම ජීවත්වීමට සුදුසු ස්ථානයක් ඇති කිරීම මඟින්, විවිධ අවස්ථාවන් හා සාර්ථකත්වයන් යනාදියට එල්ලවිය හැකි බාධාවන් ඉවත් වෙයි. මෙවැනි පසුබිමක් තුළ එය ඔවුන්ගේ ජීවිතයට පමණක් නොව රටක සංවර්ධන ක්‍රියාවලියට ද මනා පිටුබලයකි.

    සෑම මානවයෙකුම එකිනෙකාගේ මිතුරෙකි. එහිදී නිවාස ගැටලුවට මුහුණපා සිටින අඩු ආදායම්ලාභී ජනකොටස් පිළිබඳව අප වඩාත් ඵලදායී අයුරින් මැදිහත් වෙමින් කටයුතු කර ඇත්තෙමු. පැල්පතකින් තොර ජනාවාස සංවර්ධනය වෙනුවෙන් එදා "මහින්ද චින්තන ඉදිරි දැක්‌ම" ඔස්සේ ක්‍රියාත්මක වූ අප, අද වන විට “සෞභාග්‍යයේ දැක්ම” දක්වා ජනාවාස සංවර්ධන මෙහෙයුම යුගයේ අවශ්‍යතාවක්‌ ලෙස සලකා කටයුතු කරන්නෙමු. "ජනසෙවණ" නිවාස දස ලක්‌ෂයෙන් ඇරඹි එම සංවර්ධන කාර්යය සෑම අවස්ථාවකදීම ජනතාවගේ හා රටේ සුභ සිද්ධිය වෙනුවෙන් ඉදිරියට රැගෙන යාමට ද අපි කටයුතු කළෙමු.

    එතකින් ඇරඹි ක්‍රියාවලියේ දිගුවක් ලෙස 2020 ලෝක ජනාවාස දින තේමාව යථාර්ථයක් බවට පත් කිරීමට අපි රජයක් ලෙස කටයුතු කරන බව පොරොන්දු වෙමු!
    ඔබට සුභ අනාගතයක්!

     

    මහින්ද රාජපක්‍ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය
    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya