මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

    සැප්තැම්බර් 25, 2020

    ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත් වූ කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) මහතා සැප්තැම්බර් 24 නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.


    කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන්, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස පත්වීමෙන් පසු නාවික හමුදාධිපතිතුමන් හමු වූ ප්‍රථම නිල හමුව මෙය විය. නව පත්වීම් ලද පාකිස්තාන ආරක්‍ෂක උපදේශක වෙත සුභාශිංසන එක් කළ නාවික හමුදාධිපතිතුමන්, මෙම නිල හමුවේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඇති දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ පිළිසඳරක නිරත විය.

    තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya