අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහන මෙතෙක් නොලැබූනු කොවිඩ් 19 න් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නිරත අයටත් කඩිනමින් සහන -ඇමති ප්‍රසන්න රණතුංග

    සැප්තැම්බර් 25, 2020

    කොවිඩ් 19 හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්ට රජය ලබා දුන් සහනය මෙතෙක් නොලැබූනු අය වෙතද කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ සදහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

    ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් සදහා එක් පුද්ගලයෙකුට රුපියල් 20,000 ක මුදලක් එක්වරක් ගෙවීම, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි රියදුරන් සදහා රුපියල් 15,000 බැගින් එක්වරක් ලබාදීම මේ වන විට ක්‍රියාත්මකයි. සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූ , සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොවූ රියදුරන් කඩිනමින් ලියාපදිංචි කරගෙන ඔවුන් වෙතද මෙම දීමනාව ලබා දීම කෙරෙහිද අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 100 ක මුදලක් ලබාගෙන සංචාරක ක්ෂේත්‍රයේ නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත සහන සැලසීමටද රජය කටයුතු කරමින් සිටී. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනිමින් සිටින බවයි.

    සංචාරක ක්ෂෙත්‍රයේ නියුතු ලීසිං පහසුකම් ලබාගත් වාහන වලට වසරක සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි පියවර ගනිමින් සිටී. මීට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය ලත් සංචාරක වාසස්ථාන වලට විදුලි හා ජල බිල්පත් ගෙවීමට ද සහන ලබා දීමට රජය කටයුතු යොදා තිබේ. 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 දක්වා වූ සමුච්චිත විදුලි හා ජල බිල්පත් 2020 සැප්තැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදී සමාන වාරික 12 කින් ගෙවීමට අවස්ථාව ලබා දීම හා එතෙක් ජලය හා විදුලි සැපයුම් කප්පාදු නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වලට දැනටමත් දැනුම් දී ඇතැයි ඇමතිවරයා කියයි.

    සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ගමනාන්ත කළමණාකරන සමාගම් අවන්හල් , සංචාරක හිතකාමී ආහාර ගැනීමේ ස්ථාන , සම්බාහන සුවතා මධ්‍යස්ථාන, කුළු බඩු උද්‍යාන , සංචාරක සාප්පු හා ජල ක්‍රීඩා මධ්‍යස්ථාන ඇතුලු ආයතන වල සේවක සේවිකාවන්ට මාස 06 කාලයක් වැටුප් ගෙවීම සදහා අදාල ආයතන හිමියන්ට සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya