මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්  

    සැප්තැම්බර් 25, 2020

    ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම (24) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනාටෙප්ලිට්ස් (Ms.Alaina Teplits) මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

     

    මෙම වෛද්‍ය උපකරණ අතර, ශල්‍ය මුව ආවරණ (Surgical Masks) 20,000 ක්, KN 95 වර්ගයේ මුව ආවරණ 3,000 ක්, isolation gowns with hoods 600 ක්, (nitrile Gloves) අත්වැසුම් 24,000 ක්, දෑත් සනීපාරක්ෂක දියර බෝතල් (Hand Sanitizer pumps) 600 ක්, අධෝරක්ත උෂ්ණත්වමාන (infrared thermometers) 60 ක්, 50 Protable oxygen Concentrators, 100 Head and Moisture exchangers, 100 22MM adaptor tubes, 500 closed system inline suction, 75 end tidal Co2 Monitors වේ.

     

    ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීම වෙනුවෙන් ආධාර ලබාදීමට හැකිවිම සතුටට කරුණක් බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පැවසූ අතර, මෙම පරිත්‍යාගය සංකේතවත්ව ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය පැවැසුවේ මෙරට කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමට එක්සත් ජනපද රජය ලබාදෙන ලද මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාගය ඉතා අගය කොට සළකන බවත්, මෙරට කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට විදෙස් රටවල් විසින් දක්වන ලද දායකත්වයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බවයි.

     

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙනුවෙන් Mr. Lieutenant Colonel Cox මහතා, සිවිල් මිලිටර් ආධාරක අංශයේ අධ්‍යක්ෂ Mr. Benjamin Matthews මහතා,
    සිවිල් මිලිටර් ආධාරක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Mr. Alexis O’ Farrill මහතා, සිවිල් මිලිටර් ආධාරක අංශයේ වෛද්‍ය උපදේශක Mr. George Richards මහතා, මහජන කටයුතු අංශයේ
    ප්‍රධානී Ms. Naney Van Horn මහතා, අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (වෛද්‍ය සැපයුම්) වෛද්‍ය
    ඒ.ටී සුදර්ශණ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya