අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයස අවුරුදු 60ට අඩු නම් සාමදාන විනිසුරන් පත් කිරීමේ දී අවම සුදුසුකම ලෙස ආපොස සාමාන්‍ය පෙළ සළකා බැලේ

    සැප්තැම්බර් 24, 2020

    වයස අවුරුදු 60ට අඩු සාමදාන විනිසුරන් පත් කිරීමේ දී අවම සුදුසුකම ලෙස ආපොස සාමාන්‍ය පෙළ සළකා බලන බවත් වයස අවුරුදු 60ට වැඩි අවස්ථාවේ දී ඔවුන් දැනට යෙදෙන සමාජ සේවය සැළකිල්ලට ගෙන විකල්ප අධ්‍යාපන සුදුසුකම් සළකා බැලීමට තීරණය කර තිබෙන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය

    සමදාන විනිශ්චයකාරවරුන් විශාල සමාජ සේවයක් සිදු කරන බවත් ඉදිරියේ දී වයස අවුරුදු 60ට අඩු සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමේ දී ආපොස සාමාන්‍ය පෙළ සමත්වීම සළකා  බලන අතර වයස අවුරුදු 60ට වැඩි අවස්ථාවේ දී ඔවුන් දැනට යෙදෙන සමාජ සේවය සැළකිල්ලට ගෙන විකල්ප අධ්‍යාපන සුදුසුකම් සළකා බැලීමට තීරණය කර තිබෙන බවද අමාත්‍යවරයා  පිළිතුරු දෙමින් පැවසීය.

    අධ්‍යාපන සුදුසුකම් මත පදනම් ව පමණක් සාමදාන විනිශ්චයකාර තනතුරු සඳහා බඳවා ගැනීම සුදුසු නොවන බවත් සමාජ සේවා කාර්යය ද සැලකිල්ලට ගෙන,සමාජ සේවය කරන ඒ සඳහා  කැපවෙන,වේලාව තිබෙන අය තෝරාගැනීමට කටයුතු කරන බවද යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya