ඔක්තෝබර් 24, 2020
tami eng youtube  twitter facebook

     නව නිපැයුම් නිර්මාණයට ආයෝජකයන් සොයන්න- ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සැප්තැම්බර් 24, 2020

    Ø විදෙස් ආයෝජකයන් ආකර්ශනයට ප්‍රචාරණ වැඩසටහනක්...

    Ø දේශීය ව්‍යාපාරිකයන් අන්තර්ජාතික වෙළඳපොළට...

    Ø බිඳ වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට උපරිම සාධාරණය...

    Ø කොටස් වෙළඳපොළ ප්‍රවර්ධනයට පියවර...

     ආයෝජකයන් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැලසුම් කර ඇති නව නිපැයුම් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    ආයතන ගණනාවක් කර ඇති පර්යේෂණවල ප්‍රතිඵල ලෙස දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ දිනාගත හැකි නව නිපැයුම් රැසක් සැලසුම් කර තිබේ. ඒවා නිෂ්පාදනයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට උපයා ගැනීමටත්, නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමටත් හැකිවන බව පෙන්වා දෙයි.

    මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව  (23) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    පොලී අනුපාතය, මූල්‍ය ඒකකය හා කොටස් වෙළෙඳපොළ ස්ථාවරත්වය සතුටුදායක අතට හැරී ඇතිබව නිරීක්ෂණය කළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රමුඛතා 10ක් හඳුනාගෙන වේගවත් ආර්ථික සංවර්ධනයකට මග සැලසීම තම අමාත්‍යාංශයේ අරමුණ බව සඳහන් කළේය.

    ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේදී ආයෝජකයන් ආකර්ශනය කරගත හැකි පසුබිමක් රට තුළ ගොඩනැගී තිබේ. නිසි ප්‍රචාරණ ව්‍යාපාරයක් මගින් සහ තානාපතිවරුන්ගේ සහාය ඇතිව ආයෝජකයන් ගෙන්වා ගැනීමට සැලසුම් කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

    ආයෝජන අවස්ථා හඳුනාගෙන, යටිතල පහසුකම් සහ අවශ්‍ය අනුමැතිය පිළියෙළ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    අන්තර්ජාතික ව්‍යාපාරික ප්‍රමුඛයන් සඳහා කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන කාර්යාලයක් ස්ථාපනය කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

    රාජ්‍ය ආයතන ගමට යාමේ වැදගත්කමත්, බැංකුවල සහාය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දීමෙන් වේගවත් ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ හැකි බවත් ජනාධිපතිතුමා කියා සිටියේය.

    සිමෙන්ති සහ යකඩ මිල පහත දැමීමට ඇති හැකියාව සොයා බැලීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඉන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිවැය අඩුකරගත හැකි බව පෙන්වා දුන්නේය.

    2015 ට පෙර රටේ පැවති සංවර්ධන පරිසරය යළි උදා කළ යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පොල් ඉඩම් කට්ටි කිරීම වහා නතර කළ යුතු බව අවධාරණය කළේය.

    මහා පරිමාණ ව්‍යාපෘති 289ක් රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒවා කඩිනමින් නිම කරන්නැයි පැවසූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මාර්ග, ජල ව්‍යාපෘති, පාසල් යටිතල පහසුකම් ඇතුළු සැලසුම් කර ඇති සංවර්ධන වැඩ නොපමාව නිම කිරීමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කළ හැකි බව සඳහන් කළේය.

    තරුණ පරපුර සහ දේශීය ආයෝජකයන් ආකර්ශනය වන ආකාරයෙන් කොටස් වෙළෙඳපොළ ගණුදෙණු සැලසුම් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    සිංහල භාෂාව භාවිතයෙන් සහ නිසි දැනුවත් කිරීමෙන් දේශීය ව්‍යාපාරිකයන් පහසුවෙන්ම කොටස් වෙළෙඳපොළ වෙත ඇඳ ගැනීමට හැකි බව ජනාධිපතිතුමා කීය.

    බිඳ වැටී ඇති පෞද්ගලික මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවනට උපරිම සාධාරණය ඉටුකිරීමට පියවර ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිතුමා අදාළ සමාගම් සතු වත්කම් හඳුනාගෙන තැන්පත්කරුවන්ට යුක්තිය ඉටු කරන්නැයි ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතනවල ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya