අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යතුමා, පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ සුවිසි විවරණ මන්දිරය විවෘත කරයි

    සැප්තැම්බර් 24, 2020

    අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශවයේ මහා නායක ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල මහා නාහිමියන්ගේ ඡන්ම දිනය නිමිත්තෙන් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ ඉදි කළ සුවිසි විවරණ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට අද 24 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්විය.

    පළමුව ආගමික වතාවත් සඳහා එක් වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අනතුරුව දුටුගැමුණු රජතුමාගේ පිළිරුව සහිත සූවිසි විවරණ මන්දිරයට මල් කළඹක් පූජා කළේය.
    ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල මහා නාහිමියෝ මෙහිදී ගරු අග්‍රාමාත්‍යතුමාට සමරු තිළිණයක් ද පිළිගැන්වූහ.
    පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරෙය් විසි එක් වෙනි සංවත්සරය හා සිරි සුමංගලාභිධාන මහා නාහිමියන්ගේ 51 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැත් වූ මෙම පිංකම් මාලාවේ දානමය පිංකම
    සඳහා මහා නිකායික ස්වාමීන් වහන්සේලා 27 නමක් හා සංඝයා වහන්සේලා 300 නමක් වැඩම කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya