අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමති ප්‍රධානත්වයෙන් රජයේ නිල කෙටි පුවත් සේවය (SMS Alert) යළි ජනගත කෙරේ

    සැප්තැම්බර් 24, 2020

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් එස්.එම්.එස් සේවය (Official SMS News Alerts) ජනතාවට වඩාත් සමීප කරමින් විශ්වසනිය හා වේගවත් පුවත් සේවයක් බවට පත් කිරීමේ අරමුණින් කෙටි පුවත් සේවය යළි ජනගත කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද (24) පෙරවරුවේ පැවැත්විණි.

    කෙටි පුවත් සේවය සදහා ග්‍රාහක පිරිස නැවත ආකර්ෂණය කරමින් විශ්වසනීය ම නිල පුවත් සන්නාමයක් වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක රජයේ නිලපුවත් වෙබ් අඩවිය www.news.lk හා dgi.gov.lk වෙබ් අඩවිය සමඟ සමගාමීව අද ජංගම දුරකතන කෙටි පුවත් සේවය නැවත සක්‍රීයව ආරම්භ කිරීම සිදු විය.

    දේශපාලන, ආර්ථික සමාජීය මෙන්ම රජයේ සංවර්ධන තොරතුරු එසැණින් මහජනතාව වෙත සන්නිවේදනය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කටයුතු කරන අතර එම වැඩපිළිවෙල තවදුරටත් වේගවත් කරමින් රජයේ නිල පුවත් කෙටි පණිවුඩ සේවය මෙසේ වඩා පුළුල් සේවයක් සැපයීමට ජනගත කිරීමට කටයුතු කරයි.

    ඒ අනුව, රජයේ නිල කෙටි පුවත් සේවය මොබිටෙල් සහ ඩයලොග් යන දුරකතන ජාල ඔස්සේ ඔබවෙතට ලබාගැනීමට පහසුකම් සළසා තිබේ. මොබිටෙල් ජාලයෙන් REG (space) ලෙස ටයිප් කර 2299 ට සහ ඩයලොග් ජාලයෙන් info ලෙස ටයිප් කර 678ට එස් එම් එස් කිරීමෙන් නිල පුවත් සේවය ඔබගේ ජංගම දුරකතනයට සක්‍රීය කර ගත හැක

    මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා, ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම  ඩයලොග් සහ මොබිටෙල් ආයතන නියෝජනය කරමින් නිලධාරිහු පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya