අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය රජය ක්‍රියාත්මක කළ බදු හරහා ජනතාව විශාල පීඩාවකට පත් වී සිටියා- රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

    සැප්තැම්බර් 22, 2020

    පසුගිය රජය ක්‍රියාත්මක කළ බදු හරහා ජනතාව විශාල පීඩාවකට පත් වී සිටි බවත් එහෙත් අද දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක වෙන බවත් සෑම අංශයකින්ම ආර්ථිකය දියුණු වෙමින් පවතින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

    අද (22) මුදල් පනත් කීපයක් පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ විගස ජාතිය ගොඩනැගීමේ බද්ධ සම්පූර්ණයෙන් ඉවත් කළ බවත් මීට අමතරව තවත් බදු සහණ රැසක් ලබා දුන් බවත් පැවසූ අමාත්‍යවරයා බදු ප්‍රතිශතය 14% දක්වා අඩු කළ බවත් පෙන්වා දුන්නේය.

    මීට අමතරව පෞද්ගලිකව ගෙවන බදුද විශාල අඩු වශයෙන් අඩු කිරීමට කටයුතු කළ බවත් මෙම සියළුම බදු සහණ මෙන්ම බැංකු පොළී අනුපාතද 6% 7% දක්වා අඩු කළ බවත්
    තවද කොරෝනා වසංගතයෙන් පසු තවත් සහණ ලබා දුන් බවද පැවසීය.

    විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ටද මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දුන් බවද අමාත්‍යවරයා කීය. සංචාරක ක්ෂේත්‍ර යේ ආයතන වසා දමන්නේ නැති පරිදි පවත්වා ගැනීමට ඒ අයට අවශ්‍ය ශක්තිය රජය ලබා දුන් බවද පෙන්වා දුන්නේය.

    තවද රන් භාණ්ඩ සම්බන්ධයෙන්ද වෙන්දේසි නොයා ජනතාවට එම සහණ ලබා දීමට බැංකු වලට උපදෙස් දී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    මේ වන විට ආර්ථිකය නැවතත් පිබිදීමකට ලක්ව ඇති බවත් රුපියල ස්ථාවර වී, පොළී අනුපාත ස්ථාවර වී කොටස් වෙළෙඳපොළ සාර්ථකව ක්‍රියාත්මක වන බව පැවසූ අමාත්‍යවරයා වැඩි කලක් යාමට පෙරමෙම සියළුම යටිතල පහසුකම් දියුණු කර ගත හැකි බවද පෙන්වා දුන්නේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya