අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිරාපත්වෙමින් පවතින එල්පී ගෑස් පිරවුම් යන්ත්‍රය සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්

    සැප්තැම්බර් 22, 2020

    වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ දිරාපත්වෙමින් සපුගස්කන්ද පරිශ්‍රයේ පවතින බව පැවසෙන කෝටි 40 ක් පමණ වටිනාකමක් ඇති එල්පී ගෑස් පිරවුම් යන්ත්‍රයක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සදහා ත්‍රි පුද්ගල කමිටුවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පත් කර තිබේ.

    පසුගිය දා මේ සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත් පත්වල පළ වු වාර්තාවන් පාදක කොට ගෙන මෙම කමිටුව පත් කළ බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩී. පී. එස්. ජේ. කුමාර මහතා සභාපතිත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර විගණන කළමනාකරු ඉන්දික රණසිංහ, සපුගස්කන්ද පිරිපහදුවේ නියෝජ්‍ය කළමනාකාර (විදුලි සහ උපකරණ) එල්. ජී. එම්. ආර්. පෙරේරා යන මහත්වරුන්ය.

    මෙම කමිටු වාර්තාව දින තුනක් ඇතුළත අමාත්‍යතුමන් වෙත ලබාදිය යුතු අතර කමිටු වාර්තාවට අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට බලශක්ති අමාත්‍යතුමන් පියවර ගනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya